මීට පෙර අවස්ථාවේ ආදායම් අධිකාරියක් ගොඩනැගීමට එල්ලවූ විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම සංයුක්ත පියවර ඉටුකිරීම සඳහා සැලසුම් සකසා ඇත. එහි ප‍්‍රථම පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක පරිඝනක හා උපාංග රජයේ ප‍්‍රභල ඇමතිවරයෙකුගේ අනුකූලතාවය මත ගෙන්වා තිබේ.
දැනට රට තුල ක‍්‍රියාත්මක වෙමින් පවතින ආනයන අපනයන ක‍්‍රියාවලිය හා ආදායම් ඉපැයීමේ ක‍්‍රමවේදයන් එම අධිකාරිය යටතට පත්කිරීම තුළ දැනට සිදුවෙමින් පවතින මූල්‍ය වංචා හා දූෂණ ඉහළ යෑමට හේතුවනු ඇතැයි ශ‍්‍රී ලංකා රේගු අධිකාරියේ ඇතැම් නිලධාරීන් පවසති.
එමෙන්ම මෙම තත්ත්වයට අමතරව දැනට වාප්පු ලිපිකරු, ක්ෂේත‍්‍රයේ රැකියාද බරපතල අවදානමකට ලක්කරමින් NAVIS EXPRESS නැමති ඉන්දියානු සමාගමට යටතට එම කටයුතු පත්කිරීම් වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වේ.
මෙම තත්ත්වය තුළ වාප්පු ලිපිකරු රැකියා 15,000 පමන අහිමිවනු ඇතැයි පැවසේ. මෙම තත්ත්වය අයෝජන මන්ඩලයේ කටයුතු සඳහා මෙන්ම ආයතන අපනයන ක‍්‍රියාවලිය සඳහා දැඩි බලපෑමක් ඇතිකරනු ඇතැයි වරාය අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Source - lankanewsweb.com