Chitika Smowtion 468x60


Sunday, March 11, 2012

ආණ්ඩුවෙන් එළවලූ ගොවීන්ට තර්ජන


දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලූ ගොවීහු එළවලූ විකණීමෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවේ දේශපාලනඥයින් පිරිසක් විසින් වෙළදුන් බියගැන්වීමට පටන්ගෙන තිබේ. පසුගිය මාස 2 ක තුළ එළවලූ සඳහා නිසි මිලක් නොතිබීම හේතුවෙන් එළවලූ ගොවීහු අස්වනු නෙළීම නවතා දැමීමට තීරණය කළේය.
එයට හේතු වූයේ එළවලූ කිලෝ එකක මිල අසීමිත ලෙස පහත වැටීම හේතුවෙන් ගොවීන්ට නිශ්පාදන හා ප‍්‍රවාහන වියදම් පියවා ගැනීමටවත් අවම මුදලක් හෝ ලබාගැනීමට නොහැකිවීමයි. පසුගිය සතිය වන විට තක්කාලි කිලෝ ග්රූම් 1 ක් රුපියල් 4 දක්වා පහත වැටින. මේ සතිය වනවිට එහි මිල රුපියල් 2 ක දක්වා පහත වැටී තිබේ.

එළවලූ ගොවීන් තම අස්වනු නෙළීම නතර කිරීමත් සමග ඔවුන්ට සහාය පිනිස දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන්ද වෙළදාම් කටයුතු නතරකර දමන ලදි. එළවලූ ගොවීන්ගේ හා වෙළදුන්ගේ ගැටලූවලට විසඳුම් සොයනවා වෙනුවට දඹුල්ල ප‍්‍රදේශයේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු හරහා ගොවීන් බිය වැද්දීමටත් ඔවුන්ට තර්ජනය කිරීමටත් වෙළද සම්ගම් නියෝජිතයින්ට අල්ලස් දී එකඟ කරවා ගැනීමටත් කටයුතු කර තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends