Chitika Smowtion 468x60


Sunday, March 11, 2012

ජොන්ට පහරදෙන්නැයි ජනපතිවරයා පවිත‍්‍රාට කියයි


රත්නපුරයට මත්කුඩු ගෙනයාමට හා කහවත්තේ ද්විත්ව ඝාතන සිද්ධීන්ට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා සම්බන්ධ බවට රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා රහසිගත ප‍්‍රචාරයක් ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පවිත‍්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට දැනුම්දී තිබේ.
ජනාධිපතිවරයා පැවරූ එම රාජකාරිය මේ වනවිට අකුරටම ක‍්‍රියාත්මක කරමින් සිටින වන්නිආරච්චි ඇමතිවරිය ජෝන් සෙනවිරත්න මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක්ද ක‍්‍රියාත්මක කර තිබේ.

තවද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් කිහිප දෙනෙකුට පෞද්ගලිකවම කතාකොට ඇති ජනාධිපතිවරයා ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාට එරෙහිව දිගින් දිගටම ප‍්‍රවෘත්ති පළකරන්නැයි දැනුම්දි තිබේ.

කහවත්ත ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රධාන සැකරුගේ සොයුරා ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස කටයුතු කරයි. එම සම්බන්ධීකරන ලේකම්වරයා ජෝන් සෙනවිරත්න මහතා සමග වසර 20 කට වැඩි කාලයක් සමීපව දේශපාලන කටයුතු කර තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends