Chitika Smowtion 468x60


Sunday, March 11, 2012

ජිනීවා හිලව්වට ඉන්දියාවට තෙල් නිධි


එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුලූවේදී ලංකාවේ වෙනුවෙන් පෙනී සිටීමටනම් මන්නාරම් ද්‍රෝනියේ පවතින තෙල් ගවේෂන කොටස් ඉන්දියාවට ලබාදිය යුතු බවට කොන්දේසියක් පැනවී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය 06 වන දින හින්දු පුවත්පත කළ අනාවරණයකට අනුව ලංකාවේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම ඉන්දීය රජය නොසතුට පළකර තිබේ.
ශ‍්‍රී ලංකාව සතු තෙල් නිධි කොටස් නමයෙන් මෙතෙක් ඉන්දියාවට ලබාදී ඇත්තේ කොටස් දෙකක් පමණක් වන අතර ඉන්දියාවේ කෙයාන්ස් සමාගම විසින් එම කොටස් දෙකින් එක් කොටසක තෙල් ගව්ෂන සිදු කොට එහි තෙල් ඇති බවද තහවුරු කර තිබේ.

එම් 8 වශයෙන් සැලකෙන කොටස චීනයට ලබාදී ඇතත් එය ලබාදීම සම්බන්ධයෙන්ද ඉන්දියාවේ නොසතුට පළකර ඇත.

මේ වනවිට කාවේරි ද්‍රෝනියේ තෙල් ඇති බව තහවුරු කරගෙන ඇති අතර එම කොටස ඉන්දියාවට ලබාගැනීම පෙරදැරිව ජිනීවා සමුලූවේදී එල්ලවන චෝදනාවලට එරෙහිව ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාව කැමැත්ත පළකර තිබෙන බවද වාර්තා වේ. ඒ අනුව දෙරට ඛනිජ තෙල් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් මේ මස පැවැත්වීමට තීරණය කොට තිබේ. එහි ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ලබන ඔක්තෝම්බර් මාසය නම්කර ගැනීම පිටුපසද ඇත්තේ වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම් වැලැක්වීම බවද අනාවරණය වේ.



Source - lankanewsweb.com

Share this article with your friends