මේ වසරේ මැද භාගයේ සිට පළාත් සභා මැතිවරණ කඩින් කඩ පවත්වමින් 2013 වසර අගදී මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
එම මැතිවරණ මෙහෙයුම අරබමින් මාස දෙකක් තුළ දී නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නියමිත පරිදි නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදීය.
එසේම නැගෙනහිර පළාත් සභා මැතිවරණයට සමගාමීව සබරගමුව හා උතුරු මැද පළාත් සභා වලද ඡන්ද පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ඉහත නිලධාරීයා වැඩි දුරටත් පැවසීය. පෙර පරිදිම මැතිවරණ වටයක් පවත්වමින් විපක්ෂය මැතිවරණ මෙහෙයුම් තුළ කොටු කිරීමටත්, එම මැතිවරණය තුළින් ලබන ජයග්‍රහන පදනම් කරගනිමින් මහ මැතිවරණය ජය ගැනීමටත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වාර්තාවේ.
Source - lankanewsweb.com