මේ ආණ්ඩුව මුහුණ දෙන අර්බූද සියල්ලෙහි කේන්ද්‍රීය හරය ඇත්තේ ද එහි ය. දෙමළ හා සිංහල සමාජ යළි ප්‍රජාතන්තී්‍රය කිරීම සමග එය වෙළෙන්නේ ය. රටේ සමාජ ආර්ථීක සංවර්ධනය ගැට ගැසෙන්නේ ද ඒ සමග ය. පශ්චාත් යුධ ලංකාවේ ප්‍රජාතන්තී්‍රයකරණය සඳහා වන යෝජනා හා නිර්දේශ සමූහයක් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ඉදිරිපත් කළ අවසන් වාර්තාවෙහි ඇත. මේ ආණ්ඩුව ඒ කිසිවක් කි්‍රයාත්මක කිරීමට සූදානමක් නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ එම වාර්තාවේ සඳහන් ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා සියල්ල සමග, උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ ආසන්න හා මූලික දේශපාලන ඉල්ලීම් බොහෝමයක් ද බද්ධ වී තිබීම ය.
දයාන් ජයතිලක හා එස්.එල්. ගුණසේකර වැන්න වුන්ට මේ ආණ්ඩුව සමග දැන් මතුව ඇති ප්‍රශ්නය ද එයම ය. ඔවුන්ට මේ ආණ්ඩුවේ යුධ කි්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් නොහොඳ නෝක්කාඩු නැතත් යුධ පැවැත්ම එළෙසින්ම පශ්චාත් යුධ සමය හරහා දිගු කරගැනීම සාධාරණය කිරීමේ උභතෝකෝටිකයක් ඇත. සියල්ල නොවුනත් ගෝඨාභය ගේ ඇතැම් කි්‍රයාවන් ප්‍රශ්නයක් කියන කතාවෙහි අර්ථය එය ය. ඔවුන්ට සියල්ල නොවන්නේ, වරු ගණන් මාර්ග තද බදයට හසුව සිටිය දී, කොළඹ තාප්ප කඩා, ගස් සිටුවා අලංකරණය කළ පරිසරය මහා සංවර්ධනයක් ලෙස විඳ ගැනීමේ මැද පංතික සතුට සමගින් උරණ නොවීම ය.
එහෙත් අනෙක් සියල්ල ඇත්තෙන්ම බරපතල ය. මේ ආණ්ඩුවේ පශ්චාත් යුධ දේශපාලනය තීන්දු කෙරෙන්නේ ගෝඨාභය දක්වන අදහස් මත මිස, ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්වන අදහස් මත නොවේ. ජනාධිපති හෝ නිල වශයෙන් මේ ආණ්ඩුව ජිනීවා යෝජනාව ගැන දරණ නිශ්චිත ස්ථාවරය කුමක්දැයි තවමත් රට නොදන්නේ එනිසා ය. ඒ තීන්දු ගැනෙන්නේ ගෝඨාභයගේ අනුදැනුම හා උපදෙස් මත හමුදා අංශයන්හි ය. ඒ අනුව, ජනාධිපති පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ කි්‍රයාත්මක කරන්නේ කෙසේදැයි තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව වත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී්‍ර කණ්ඩායමවත් ඇමති මණ්ඩලයවත් නොවේ. හමුදාපති විසින් නම් කරනු ලැබූ ඉහළ නිලධාරීන් ගේ මණ්ඩලයක් කොමිසම් වාර්තාවේ නිර්දේශ කි්‍රයාත්මක කිරීම පිළිබඳ සැළැස්මක් ආරක්ෂක ලේකම් වෙත බාර දීමට නියමිත යැයි, වැඩ බලන හමුදා ප්‍රකාශක බි්‍රගේඩිය රවිපි්‍රය, ඩේලි නිවුස් පුවත් පතට කියා තිබිණ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ පිළිබඳව ආණ්ඩුව දැරිය යුතු දේශපාලන ස්ථාවරය හා අදහස් ඊට අදාලව, ආණ්ඩුවේ දේශපාලන නායකයින් ඉන් පසුව හදා ගත යුතු වේ. ජනතා පරමාධිපත්‍යයේ තරම එපමණ ය.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි ඇතුළත් දේශපාලන නිර්දේශ කි්‍රයාත්මක කළ නොහැකි බවත් අනෙක්වා දැනටමත් කි්‍රයාවට නැගීමට පටන් ගෙන ඇති බවත් පසු ගිය සතියේ ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය කියූවේ ඔහුට අභ්‍යාස කළ හැකි බලය මත ය. ඊට පෙර, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම හමුවට ගෙනෙනු ලැබූ යෝජනාව සම්මත වූ විගස, ගෝඨාභය කියුවේ ඒ කිසිත් ඔහුට අදාල නැකි බවත් එම යෝජනාව අනුව කි්‍රයා කිරීමට, ශී්‍ර ලංකාව බැඳී නැති බවත් ය. ඉන් කියැවෙන්නේ ඔහුට අදාල නොවන කිසිවක් රටට අදාල නොවිය යුතුය යන්නයි.
පසුගිය වසරේ අගෝස්තුවේ දී ඔහු ඉන්දීය ''හෙඩ්ලයින් ටුඩේ'' රූපවාහිනිය සමගින් කීවේ දේශපාලන විසඳුම් ගැන කතා, දැන් අවශ්‍ය නැත කියා ය. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කි්‍රයාත්මක වන බලය සාමකාමී පැවැත්මක් සඳහා ප්‍රමාණවත් යැයි කියූ ඔහු, දෙමළ ජනතාව ඒ සඳහා, අමතර බලයක් ගැන දැන් කතා නොකළ යුතු යැයි පැවසී ය.
ඉතිහාසයේ වෙනත් කිසිදු අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට තබා ආරක්ෂක ඇමතිවරයෙකුටවත් නොතිබුණු හා නොලැබුණු දේශපාලන බලයක් අද ඔහු බුක්ති විඳින්නේ ය. ඉතිහාසයේ මෙතෙක් ආරක්ෂක ඇමතිවරුන් ප්‍රතිපත්ති සකසා ගත්තේත් තීන්දු ගනු ලැබූවේත් ඇමති මණ්ඩල සාකච්ඡාවන්හි අනුදැනුම හා අනුමතයට යටත්ව ය. ඊළගට ඔවුන් හැමෝම පාර්ලිමේන්තුවට වගකිව යුතු විය. එවැන්නක් ගෝඨාභයට නැත. අවශ්‍ය ඕනෑම විටෙක මාධ්‍ය අමතා ඕනෑම දෙයක් කිව හැකිය. ඔහු ගන්නා දේශපාලන තීන්දු ප්‍රශ්න කෙරෙන්නේ ද නැත. ඒ තීන්දු එනිසා ඔහු රිසි සේ කි්‍රයාත්මක කරන්නේ ය. ''ශී්‍ර ලංකාවේ ඉතා බලසම්පන්න ආරක්ෂක ලේකම්'' යැයි විදේශ පුවත් ආයතන හා මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂව හඳුන්වන්නට කැමැත්තක් ඇත්තේ එබැවිනි. ''රාවය'' පුවත් පතේ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මැතිවරණ කොමසාරිස් වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්ට කිසිවක් කළ නොහැකි වූයේ, ඒ අපූරු අනිසි බලය හේතුවෙනි.
ඒ බලයේ ජන්මය කුමක් ද ? එය වැඩිමහල් සොහොයුරා විධායක ජනාධිපති වීමේ තනි බලය පමණක්ම නොවේ. එය බොහෝ විට ආරම්භක ව්‍යවස්ථාමය බලය විය. ඒ මත, ඇත්ත බලය හැදෙන්නේ, යුද්ධය හරහා බලහත්කාරී ලෙස ගොනු කළ, සිංහල බෞද්ධ දේශප්‍රේමයේ සෘජු හමුදාමය ප්‍රකාශනය ලෙසින් ය. යුද්ධයට පමණක් සීමා නොවුනු හා සීමා නොවන, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ඒ බල ප්‍රකාශනය පවත්වා ගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදය සමගින් නොවේ. එනිසා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ කිසිවක් ගෝඨාභයගේ අධිකාරයට පිටතින් ඔහුගේ සීමාවන් නොතකා කි්‍රයාත්මක කිරීමට ඉඩක් නැත. යුද්ධයෙන් පසු නීති ගරුක, සාමකාමී සංවර්ධනයක් බලාපොරොත්තු වූ බොහෝ දෙනෙකුට වත්මන් රාජපක්ෂ පාලනය සාධාරණය කිරීමේ සැබෑ ආරවුල ඇත්තේ එතැන ය. ඒ වෙනුවෙන් ඔවුන් ජනාධිපති නිදොස් කිරීමට ඉදිරිපත් කරන හේතු කාරණා විසින් මහින්ද රාජපක්ෂ, සාමාන්‍ය බුද්ධියකින් යමක් තේරුම් ගැනීමට නොහැකි, නිවට කවටයෙකුගේ තත්ත්වයට පත් කරන්නේ ය.
එහෙත් ඔහු එවැන්නකු නොවේ. මේ වන විට වසර 45 ට ආසන්න කාලයක් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කි්‍රයාත්මක වන දේශපාලනඥයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන්නේ මහින්ද රාජපක්ෂ ය. එය ලෙහෙසි පහසු අත්දැකීම් සම්භාරයක් නොවේ. ඕනෑම විටෙක අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබා ගැනීමට, ඔහු තරම් දක්ෂයෙකු මා දන්නේ නැත. ඔහු වටා සිටින අය ඔහුට ලබා දෙන තොරතුරු වලට වඩා යමක් දැන ගැනීමට අවශ්‍ය ඕනෑම විටෙක, එය ලබා ගැනීමේ සරළ උපක්‍රම ඔහු දන්නේ ය. අද ගෝඨාභය ඔහුට රිසි සේ තීන්දු ගෙන කි්‍රයා කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවැරදි තොරතුරු නොලැඛෙන නිසා යැයි කිසිවකු කියන්නේ නම්, ඒ අන්දරේ ගේ වැනි කියමනක් ය. එසේ වන්නේ මහින්ද රාජපක්ෂගේ දැනුවත් සිංහල දේශපාලනයේ හා ගෝඨාභය ගේ සිංහල හමුදාමය බල අධිකාරයේ දෘෂ්ඨිමය වෙනසක් නැති නිසා පමණි.
එබැවින් අප ප්‍රශ්න ලෙස දකින කිසිවක් ඔවුන්ට එතරම් ප්‍රශ්න නොවේ. අප විසඳුම් නොවේ යැයි කියන සියල්ල වෙනුවෙන් ඔවුන්ට ඇත්තේ ඒ විසඳුම් ම පමණි. මර්වින් සිල්වා තවමත් ඇමතිවරයෙකු ලෙස ඉන්නේ, ඉඩක් ඇතොත් අප ඔහු සම්බන්ධයෙන් ගන්නා තීන්දු ඔවුන් ගේ දේශපාලනයට නොගැලපෙන නිසා ය. මර්වින් සිල්වාට එරෙහිව තීන්දු ගැනීමට අවශ්‍ය නම්, ඔහුට විරුද්ධව චෝදනා නගන සියලූ දෙනා ගෙන් ඒ තොරතුරු ලබා ගැනීම, ජනාධිපති මහින්ද රාජපක්ෂට කජ්ජක් නොවේ. එහෙත් ඒ වගකීම පක්ෂයේ විනය කමිටුවට බාර දෙන්නේ, එය එසේ නොවිය යුතු හෙයිනි. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කතාවද එවැනිම ය.
කොළොන්නාව නගර සභා සභාපති පැහැර ගැනීම සම්බන්ධව ද තත්ත්වය එළෙසම ය. ඒ ගැන විශේෂ යමක් දැන ගැනීමට අවශ්‍ය නම් එය දැන ගැනීමේ කිසිදු බාධාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂට නැත. එවගේම ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ඇමතිවරයා ලෙස අවශ්‍ය පියවර ගැනීමට ද එතුමන්ට කිසිදු බාධාවක් තිබිය නොහැක. එහෙත් මේ රටේ තීන්දු ගන්නේ නීතිය සාධාරණව කි්‍රයාත්මක විය යුතු අයුරු නොවේ. එවැනි නිදහසක් පොලීසියට ද නැත. එනිසා පොලීසියේ නිල වෙබ් අඩවියෙහි ඇති සංඛ්‍යා ලේඛන අනුව, යුද්ධය අවසන් වී සය මසක් ගත වූ පසු 2010 වසරෙහි වාර්තා වූ පැහැර ගැනීම් සංඛ්‍යාව 897 කි. ඉන් සැබෑ සිදුවීම් යැයි එහිම සටහන් වන පැහැර ගැනීම් සංඛ්‍යාව 877 කි. පොලීසියේ එම නිල වෙබ් අඩවියෙහි ඇති 2011 වසරේ මාර්තු 31 වන දා තෙක් පළමු කාර්තුව සඳහා වන සැබෑ පැහැර ගැනීම් සංඛ්‍යාව, 235 කි.
වෘත්තීමය වශයෙන් විශ්වාසයක් තබා ගන්නා වෙබ් ප්‍රකාශනයක් වන ''ග්‍රවුන්ඩ්-වීව්ස්'' හි මේ මස 07 වන දින පල කළ විශේෂාංගයකට අනුව, යුද්ධයෙන් දෑවුරුද්දකුත් අට මසකට පසු, ඉකුත් පෙබරවාරි සහ මාර්තු මාසයන්හි පමණක් පැහැර ගැනීම් 29 ක් මාධ්‍යයන්හි වාර්තා වී ඇත. ඉකුත් මාස 06 හි පැහැර ගැනීම් සංඛ්‍යාව 56 ක් යැයි ද එහි පළ විය. ඒ සම්බන්ධයෙන් රටට දැන ගත හැකි තොරතුරු වල උපරිමය වන්නේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අදාල පැහැර ගැනීම් සම්බන්ධව පරීක්ෂණ කෙරෙන බවට කරන ප්‍රසිද්ධ ප්‍රකාශ පමණි. ඒ සම්බන්ධ අවසන් පියවරක් ගැන නම්, අසන්නට ලැඛෙන්නේ නැත. පැහැර ගැනීම් නතර වන්නේ ද නැත. කොළොන්නාවෙන් හෙළි වූ තොරතුරු අනුව, සභාපති පැහැර ගෙන යාමට පැමිණ තිබූයේ දැනටත් හමුදාවේ සේවය කරන පිරිසකි. පොලීසියෙන් ඔවුන්ව නිදහස් කර ගෙන තිබූයේ ජනපි්‍රය පොලිස් අධිකාරිවරයෙකි.
නීතිය හා සාමය එළෙස යටි මඩි නොගසා පවත්වා ගැනීමේ සැබෑ අවශ්‍යතාවයක් හා වගකීමක් රටේ නායකත්වයට තිබේ නම්, පළමුවෙන්ම කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය වගකීමෙන් කටයුතු කරන, කාර්යක්ෂම අමාත්‍යාංශයක් ලෙස පවත්වා ගැනීම ය. මෙවැනි අරාජික තත්ත්වයක් සඳහා ඉඩ නොතැබීම ය. එනිසා වෙනත් ඕනෑම ජනාධිපති වරයෙකු, මේ ආරක්ෂක ලේකම් එම තනතුරෙහි තබා ගන්නේ නැත. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට විපක්ෂයක් රටේ නැත. වෘත්තිකයින්, විද්වතුන් නැත. කලාකරුවන් යැයි කියන්නේ කොන්තරාත්කාරයින්ට ය. එනිසා නීතිය හා සාමය නිවැරදිව හා සාධාරණව කි්‍රයාත්මක කිරීමට කාර්යක්ෂම ලේකම් කෙනෙකු අවශයැයි ඉල්ලීමක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉඩ දෙන්නට සූදානම් නැති ඕනෑම පාලනයක් ආණ්ඩු කරන්නේ මේ පිළිවෙතට ය. විරෝධතා, විසම්මුති හා දේශපාලන විකල්ප වර්ධනය වන මේ රටේ, පාර්ලිමේන්තු බලය 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යටපත් කර, තම බලය ගැන පමණක් උනන්දු වන පාලනයකට, මීට වඩා වෙනස් පිළිවෙතක් ගැන සිතිය නොහැක. එනිසා යළි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දීමේ වගකීමක් වුවමනාවක් ඔවුන්ට ඇත්තේම නැත.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි අවසන් වාර්තාව, ජිනීවා යෝජනා නොතකා ඉවතට දැමීමට ගෝඨාභය කතා කරන්නේ එබැවිනි. එහි ඇති ප්‍රධාන හා වැදගත්ම නිර්දේශ 05, මේ රාජපක්ෂ පාලන පිළිවෙතට ඉඳුරා පටහැනි යෝජනා නිසා ය. ජනාධිපති ද එය එසේ යැයි පිළිගන්නා නිසා ය. එනමුත් දැන් ප්‍රශ්නය ඇත්තේ ජාත්‍යන්තර හා ජාතික දේශපාලනයේ එම නිර්දේශ කි්‍රයාත්මක කිරීම පිළිබඳව ඇති උනන්දුව ය. එවැනි තත්ත්වයක් හමුවේ ගත යුතු උපායික පියවර ගැන, ඒ දෙදෙනට වෙනස් අදහස් තිබිය හැක. යුද්ධයෙන් පසු ආණ්ඩුව ගමන් ගන්නේ එවැනි වෙනස්කම් මත පමණය.
මේ පරස්පරය හමුවේ, අනාගත පැවැත්ම පිලිබඳව කතා කරන ආණ්ඩුවේ හිතවතුන්ට ද උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි දේශපාලන නිර්දේශ වැදගත් වී ඇත. ඔවුන් දකින ආකාරයට, ජාත්‍යන්තර ප්‍රජාව කීවත් නොකීවත් (1) පශ්චාත් යුධ හමුදාකරණය වහා නවතා ගැනීම, අවශ්‍යයෙන්ම වැදගත් ය. (2) පොලීසිය හා රාජ්‍ය පරිපාලනය දේශපාලනයෙන් නිදහස් කර ස්වාධීන කර ගැනීම, වැදගත් ය. (3) නීති විරෝධී අතුරු සන්නද්ධ කල්ලි වහා නිරායුධ කර විසිරුවා හැරීමත් වැදගත් ය. (4) අත් අඩංගුවේ ඉන්නා සියලූ රැඳවියන් පිලිබඳ සියලූම තොරතුරු ඔවුන් ගේ භාරකරුවන් වෙත නොපමාව ලබා දීමත් ඔවුන් පිලිබඳව තීන්දු ගැනීමේ ස්වාධීන හා ඉක්මන් කි්‍රයා පිළිවෙතක් ආරම්භ කිරීමත් වැදගත් ය. (5) සංවර්ධන කාර්යයේ දී පළාත් බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීම සඳහා වැඩි අවකාශයක් ලබා ගත හැකි අයුරු පළාත් බද බලය, අදට වඩා අර්ථවත් වන ආකාරයට ඛෙදා දීමත් එනිසා වැදගත් ය.
මේ ඉදිරි පියවර ගැනීමට ඇති බාධකය මහින්ද රාජපක්ෂ නොව, ගෝඨාභය යැයි මේ නව සාමවාදීන් සිතන්නේ නම්, ඔහු යා යුතු යැයි ද ඔවුන් කිව යුතුව ඇත. එහෙත් තවමත් එය එසේ නොකියැ වේ. එය එනිසාම ඔවුන් ගේ ප්‍රශ්නයක් ද නොවන්නේ ය.
කුසල් පෙරේරා
(රාවය පුවත් පතේ - 22 වන ඉරිදා - සංස්කරණය කර පල කළ ලිපියකි)
Source - lankanewsweb.com