එම ප්‍රවෘත්තියේ සත්‍යතාවය තහවුරු කරමින් 20වනදා උදැසන එම මුස්ලිම් පල්ලියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර පසුව සුමංගල හිමියන්ගේ උපදෙස් හා සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත ආණ්ඩුවේ ආධාරකරුවන් පිිරිසක් එම මුස්ලිම් පල්ලිය වටලා එහි සිටි මුස්ලිම් බැතිමතුන්ට හිරිහැර කර තිබේ.
මෙම සිද්ධිය හරහා ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණක් ජනාධිපතිවරයා තුළ තිබී ඇතැයිද අප වෙත වාර්තාවේ.
තමා මුස්ලිම් ප්‍රජාවගේ හිතමිතුරෙකු බව පෙන්වීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කටයුතු කළද ඔහු දැඩිලෙස මුස්ලිම් විරෝධියකු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා දැඩි ආගම්වාදියකු, ජාතිවාදියෙකු පමණක් නොව උග්‍ර කුලවාදියකු බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය. ඔය තම්බින් විශ්වාස කරන්න එපා යැයි ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී ප්‍රකාශකරන බව එම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වුවද ජනාධිපතිවරයාගේ අනුදැනුම මත දඹුල්ල පල්ලියට ප්‍රහාරයක් එල්ල වූ බවත්, ජනාධිපතිවරයා සිතා මතාම මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල ජනයා කෝප කිරීමේ අරමුණින් යුතුව කටයුතු කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැති ඇමතිවරුන් සියලූ දෙනාම පාහේ විශ්වාසය පළ කරයි. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් මැතිඇමතිවරු තම ප්‍රඡාව හමුවේ බලවත් අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ. පසුගිය ජිනීවා සැසිවාරය තුළ ලංකාව සම්බන්ධයෙන් ගෙනා ආ යෝජනාවට එරෙහිව මුස්ලිම් රටවල් බහුතරයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. එවැනි තත්ත්වයක් තුළ දඹුල්ල නගරයේ දී මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වූ අන්තවාදී ප්‍රකෝපාකාරී සිද්ධීන් අනාගතයේදී ජාත්‍යන්තර වශයෙන් ද බරපතල කාරණයක් විය හැකි බවද ආණ්ඩුපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරයකු අප කළ විමසීමකදී පැවසීය.
Source - lankanewsweb.com