ලබන පාර මම පාර්ලිමේන්තුවේ ඉන්නවා
ජනාධිපතිතුමාත් පැදුරු පාටිය බලනවා
ඇමෙරිකාවට සුබ පැතුවේ ප්‍රසිද්ධියට
ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ජෝජ් බුෂ්ට හා ඔබාමාට පත්තර පිටු පිරෙන්න සුබ පතු ශ්‍රී ලාංකිකයා ඔබට මතකද? ඒ අන්කවරෙකුත් නොව ටි.එන්.එල් නාලිකාව ඔස්සේ ජනප්‍රියත්වයට පත් ජනාධිපතිවරනයටද ඉදිරිපත්වූ අනුර සොලමන් ප්‍රින්ස් ලියනගේ නොහොත් ඒ.එස්.පි ලියනගේ මහතාය.
ජනාධිපතිවරයාත් තමා අතරත් ඇති අපුර්ව සම්බන්ධයත් ව්‍යාපාර නොමැතිව මුදල් ලැබෙන අයුරුත් ඔහු පහුගිය සති අන්තයේ පුවත්පතකට අදහස් පලකොට තිබුනා.පහතින් දැක්වෙන්නේ එම සාකච්ඡාවේ තෝරාගත් තැන් කිහිපයකි.
ඔබ ටි.එන්.එල් එකට වියදම් කරන්නේ ඔබේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගන්නනේ?
නෑ..නෑ..වෙළඳ දැන්වීම් දැම්මට ඇත්තට මට ඉඩම් නැහැ.ඇත්තම කිව්වොත් මේ වෙලාවේ මට ඉඩම් නැහැ විකුනන්න.නමුත් අර තියෙනවනේ පැවැත්ම කියල දෙයක්.චීනයේ කතාවක් තියෙනවා,මිනිස්සු වියදම් කරනවලු ව්‍යාපාරයෙන් එන ලාබයෙන් 1/3 වෙළඳ ප්රචාරයට.
ඉතින් මම මේක කරන්නේ මගේ පැවැත්ම වෙනුවෙන්.මට ඕන හොඳ කලාකාරයෙක් විදියට සමාජයේ එක තැනක රැඳෙන්න.එතකොට මම ව්‍යාපාර නොකොර හිටියොත් මිනිස්සු හිතනවා අන්න ASP ලියනගේ වැටිලා.
නමුත් දැන් මිනිස්සු කියනවනම් ASP ලියනගේ වැටිලා කියලා, ඔබතුමා දැනගන්න ASP ලීයංඅගෙත විතරයි ලංකාවේ ලිමොසින් ජීප් එකක තියෙන්නේ.මුළු ලංකාවටම තියෙන්නේ ලිමොසින් 8 යි.ඒ 8 න් 7 කම කාර්.මට විතරයි ජීප් එකක් තියෙන්නේ.
හොඳයි දැන් ඔබ කියන විදියට දැන් ඔබට විකුනන්න ඉඩම් නැහැ?
ඉඩම් නෑ නෙවෙයි මම ඉඩම් ගන්නේ නැහැ
ඔව් එක තමයි මම කියන්නේ.ඔබ ඉඩම් ගන්නේ නැහැනේ.නමුත් ඔබ මාසෙට ලක්ෂ 10 ක් වියදම් කරනවා TNL එකට.ඒ වගේම ඔබට විතරයි ලංකාවේ ලිමොසින් ජීප් එකක තියෙන්නේ.ඉඩම් විකුනන්නේ නැත්නම් ඔබට කොහෙන්ද සල්ලි එන්නේ?
ඉතින් සල්ලි මම හම්බ කරපුවා
ආ ඒ කියන්නේ ඔබ ඉස්සර හම්බ කරපුවයින් තමයි අද මේ දුවන්නේ?
මම එක තමයි කිව්වේ.මට දුවරු දෙන්නයි ඉන්නේ.මට මේ හම්බ කරපුවා ඇති.බුද්ධ ධර්මයේ තියෙනවා මිනිස්සු හම්බ කරන්න ගියාම මිනිස්සු අසීමිතව තන්හාවෙන් හම්බ කරනවා කියලා.මම එක වෙනස් කරා.
මම හැමතිස්සෙම අපේ කාර්ය මණ්ඩලයට කියන්නේ "අපි අලුත් ව්‍යාපෘති නොකලට ඔයාල කලබල වෙන්න එපා.ඔයාලට පඩි ගෙවන්න මා ළඟ සල්ලි තියෙනවා කියල"
පුදුම ආශ්චර්යක්නේ ලියනගේ මහත්මයා මේක.මෙච්චර ලෝකයම ආර්ථික අර්බුධයකට ගිහිල්ල.බැංකු කඩන වැටිලා.මිල මට්ටම් ඉහල ගිහිල්ල.එවන් පසුබිමක ඔබ අලුත්තින් ව්‍යාපෘති ආරම්භ නොකර මෙච්චර කාර්ය මණ්ඩලයක් නඩත්තු කරගෙන ඔවුන්ට EPF , ETF ගෙවාගෙන ඉන්නවලු කලින් හම්බ කල සල්ලි වලින්.කොහමද මේක විශ්වාස කරන්නේ?
මම මේ කියන්නේ ඇත්ත.මේකෙන් අපිට ආදායම එනවා.අපි අවරුදු 15 කට 20 කට ගෙවන්න දීපු ඉඩමුත් තියෙනවනේ.ඒවායේ ආදායම් එනවා.
අපිට මතකයි ඔබ ගියවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනා.ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න හිතුවේ ඇයි?
මම ඇත්තටම සමාජයත් එක්ක බොහොම ලගින් ඇසුරු කරන්න ආසයි.හැමෝම ජනප්‍රිය වෙන්න ආසයිනේ.එතකොට මම දන්නවා ජනාධිපතිවරණයෙන් දිනනන් බැහැ කොහොමහරි තුන්වෙනියා වෙනවා කියල.
මම ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමුන්නාන්සේලා මාව තුන්වෙනියා කරන්න අපේ ජනාධිපතිතුමා පළවෙනියා කරන්න.ඒ අනුව ඇත්තටම මම මගේ ඉලක්කයට ලඟා වුනා.
ඉතින් මොකද්ද එකේ තේරුම? ජනාධිපතිතුමා කියන්නේ වෙනම පුද්ගලයෙක්,ඔබ තුල තියෙන ඔය ධනාත්මක චින්තනයත් එක්ක කලාවට යමක් කරන්න ඉන්න එකේ, ව්‍යාපාර නොකර විවේක සුවයෙන් ඉන්න කාලේ ජනතාවට යමක් කරන්න ඔබට තිබුනනේ?
මෙහෙමයි.දැන් මම හැමතිස්සෙම හිතන්න ඕන මට පුළුවන් දේ විතරනේ.අපි හිතමු දැන් එතුමා වගේ පියවරෙන් පියවර ඉදිරියට ආව පුද්ගලයෙක් එක්ක මම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න යන අරමුණට යාමම අංගොඩ නවතින ක්‍රියාවලියක වනවා.
ඊට වැඩිය මට ලෙහෙසි පවතින බලවතා සමග ඉන්න.මම හරි ආසයි රටේ රජතුමා එක්ක ඉන්න.දැන් වුනත් මම බොහොම වගකීමෙන් කියනවා මගේ දුරකතනයට ජනාධිපතිතුමා ඕන වෙලාවක ආන්ස්වර් කරනවා.මම දන්නවා මේ රටේ ඉන්න මොන ඇමතිවරයා කතා කරත් ජනාධිපතිවරයා ආන්ස්වර් කරන්නේ නැහැ.නමුත් මට ආන්සර් කරනවා.
ඇත්තටම ඔබට ආශාවක් නැද්ද පාර්ලිමේන්තුවට යන්න?
මම බොහොම වගකීමෙන් කියනවා . මම තරඟ කලත් නොකලත් මම ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා
ඒ කොහමද?
ඒ දෙවියන් වහන්සේ මට දෙන දෙයක්
තරඟ නොකර පාර්ලිමේන්තු යන විදිය මට කියන්න.මේ ලංකාවේ තියෙන නියෝජිත ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමය තුල ඔබ කොහමද තරඟ නොකර පාර්ලිමේන්තු යන්නේ?
මම දැනටමත් දීපු කිසි දෙයක් අර නොගෙනයි ඉන්නේ.දේශපාලන වශෙයන් ඒ දීපු දේවල් ගත්තනම් අද මම පිරිහිලා.
මොකද්ද තියෙන ආශාව අමෙරිකාවේ ජනාධිපතිතුමාත් එක්ක ඉන්න?
රටේ නායකයා වගේම ලෝකයේ නායකයා එක්කත් ඉන්න මම ආසයි.එතකොට ලෝකේ නායකයා දැනගත්ත තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක මේ වගේ මිනිහෙක් ඉන්නවා කියල.එදා ඇමෙරිකාවේ ජනාධිපතිතුමාගේ උත්සවයට ASP ලියනගේට ආරාධනා කලානේ ධවල මන්දිරයට චන්ද්‍රිකා කුමාරතුංග ඉන්දද්දීම.එකේ මට පොඩි ගම්මක්ද තිබුනේ?
ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේදී ජෝර්ජ් බුෂ්ට සුබ පතලා ලංකාවේ පුවත්පත් දැන්වීම් දන්නා කොච්චර වියදම් උනාද?
මිලියන දෙකක් විතර වියදම් උනා.ඒ කාලේ හැටියට මිලියන දෙක කියන්නේ ලොකු ගානක්.හැබැයි එකෙන් මිලියන සීයක විතර ප්‍රචාරයක් මට ලැබුනා මුළු ලෝකෙන්ම .
ඔබ තාමත් ඇමෙරිකානු හිතවාදියෙක්?
නෑ මම ඇවිල්ල අමෙරිකානු හිතවාදියෙක් නෙවෙයි.මම මගේ රටට තමයි පළමුවෙන්ම ආදරේ.
ඔබ කල්පනා කලේ නැද්ද ඇමෙරිකානු පුරවැසිභාවය ගන්න?
අපේ මුළු පවුලටම අමෙරිකාවර විස තියෙනව අවරුදු 10 කටම.අපිට ඕනනම් ගිහින් ඉන්න පුළුවන්.
ඒ කොහමද එහෙම විසා හම්බ වෙන්නේ?
ඒ ඉතින් මගේ ආර්ථිකය හොඳ නිසා ලැබුන දෙයක්.අමෙරිකාවේ විතරක් නෙවෙයි මට හැම රටේම විසා තියෙනවා.මේ මොහොතේ එංගලන්තයටත් විස තියෙනවා මුළු පව්ලටම.
හෙට දවසේ ඔබට පැදුරු පාටිය නැති උනොත්?
එහෙම වෙන්නේ නැහැ.මොකද අපේ ජානධිපතිතුමා මේ මට කියල තියෙන්නේ පැදුරු පාටියට කැමති කියල.ශාන් වික්‍රමසිංහ මැතිතුමාත් පැදුරු පාටියට කැමතියි.
Source: http://www.gossip9.com/2012/04/asp.html#ixzz1t8J4bk3r