Chitika Smowtion 468x60


Thursday, April 26, 2012

දුර්වලතා පෙන්වූ රජීව්ට, විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රහාරයක්


විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුර්වලතා කිහිපයක් පෙන්වා දුන් ජනාධිපතිගේ විශේෂ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රජීව් විජේසිංහ මහතාට, විදේශ කටයුතු අමාත්‍යාංශය පෙරලා පහර දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ගැටුම යළිත් ප්‍රදර්ශනය කර තිබේ.


රජීව් විජේසිංහ මහතා විසින් ඩේලි නිව්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකින් කොටසක් එම පුවත් පතේ ඵල වී තිබිණ.
එයට පිළිතුරු වශයෙන්, රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් මුළුමනින්ම නොසලකා හරිමින් එම විවේචනයට බරපතල ලෙස පිළිතුරක් ලබා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මියයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉතිහාසය තුළ මෙතෙක් කිසිම දිනක පාර්ලිමේන්තු නියෝජිතයකු හෝ වෙන ඕනෑම මහජන නියෝජිතයකු සම්බන්ධ අමාත්‍යාංශයේ කටයුතු විවේචනයකර විටක මෙලෙස ප්‍රසිද්ධියේ පුවත්පත් නිවේදනයක් මගින් පහර දීමක් සිදු කර නොමැති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අපවෙත පැවසීය. සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බලය ප්‍රදර්ශනය කරමින් ෂේණුකා සෙනවිරත්න මහත්මිය මේ වනවිට සන්ධානයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටම බැන වැදී තිබේ.
සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ උපදෙස් මත ෂේණුකා සෙනවිරත්න මහත්මිය, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් පසුගියදා නිදහසට කරුණු විමසා සිටි අතර ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් සංවිධානයේ නිත්‍ය නියෝජිත තමරා මහත්මියටද චෝදනා ඉදිරිපත් කොට කරණු විමසීමට නියමිතව තිබේ.
කෙසේ වුවද රජිව් විජේසිංහ මන්ත්‍රීවරයා සහ, මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියූ පරිදිම ශ්‍රී ලංකාවේ විදේශකටයුතු අමාත්‍යාංශ ආඩි හත්දෙනාගේ කැඳහැලියක් හා සමාන තත්ත්යකට පත් වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends