එම මරණය සැල වූ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයාට කථාකර ඇති ජනාධිපතිවරයා, අවමගුලේ සියලූ වැඩ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන බවත්, එම කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත පවරා ඇති බවත් දැනුම් දී තිබේ.
යළි මොහොතකට පසු කථා කොට ඇති ජනාධිතිවරයා, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉතා අනර්ඝ තත්ත්වයේ මිනී පෙට්ටියක් තෝරාගෙන ඇතිබවද සඳහන් කර ඇත.
පූජිත ජයසුන්දර මහතා දූෂිත නිලධාරියෙකු බැවින් ඔහුව කුරුණෑගලින් ඉවත්කරන ලෙස එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසකගේ අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත මීට සති කිහිපයකට පෙර ලිපියක් බාරදී ඇතත් එම ලිපියට අත්සන් කිරීමට ප්‍රසිද්ධියේම ප්රතික්ෂේපකොට ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය.
ජනාධිපතිවරයා හා නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාය. ඉදිරි මහ මැතිවරණයට මොහුව සන්ධානය යටතේ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මේවනවිටත් තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමෙ මූලික පියවරක් වශයෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප ආසන සංවිධායකවරු කීපදෙනක් වෙනස් කිරීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටී.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කුරුණෑගල ආසනයේ, කුරුණෑගල ආසනයේ සංවිධායකව සිටි ජයරත්න හේරත් මහතාට පොල්ගහවෙල ආසනයත්, අශෝක වඩිගමංගාව මහතාට නිකවැරටිය ආසනයත්, පූජිත විජේසුන්දර මහතාට හිරියාල ආසනයත් පවරා දීමට ජනාධිපතිවරයා අදහස් කරසිටින බවද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් අපවෙත වාර්තාවේ.
Source - lankanewsweb.com