Chitika Smowtion 468x60


Sunday, April 29, 2012

මර්වින් නිසා බැසිල් හා ගෝඨා අතර මතගැටුමක්


අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙත ගම්පහ සන්ධාන නායක බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සහය දැක්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොසතුටට හේතු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. කුඩු ව්‍යාපාරවලට හා කප්පම්ගැනීම්වලට සම්බන්ධව සිටි, මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ගෝලයින් කිහිපදෙනකු සුදු වෑන් යොදා පැහැරගෙන ගොස්, අනතුරුව ජනාධිපතිවරයාගේ නියමය මත මුදා හරිනු ලැබුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.
එසේම, මර්වින් ඇමතිවරයා මට්ටු කිරීම සඳහා කැලණියේ ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු උසිගන්වනු ලැබුවේ ඔවුන්ගේ කටයුතු වල අනුග්‍රහයදක්වනු ලැබුවේත් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨභය මහතා ඒ සියල්ල සිදුකරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අනුදැනුම මත වන අතර, එම ක්‍රියා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාද එකහෙළා අනුමත කර තිබී ඇත.
එහෙත්, "ජිනීවා අර්බුදයත්" සමඟ ජනාධිපතිවරයා යළි හුදෙකලා වූ අතර ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි මර්වින් ඇමතිවරයා, ඒ හරහා යළි ලකුණු දාගත් බවත්, ඒ අනුව මර්වින් සිල්වා අමාත්‍යවරයා යළිත් වරක් ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයා බවටත්, ආරක්ෂකයා බවටත් පත්ව සිටින බව අපවෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා සඳහන් කළේය. ඒ අනුව මර්වින් ඇමතිවරයාට එරෙහි විනය පරීක්ෂණය හීන් සීරුවේ හකුලා දමන ලෙස ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, ඔහුට එරෙහි සියලූ මෙහෙයුම් නවතන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාටද දැනුම් දී ඇත.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, මර්වින් ඇමතිවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉන් අනතුරුවය. රාජපක්ෂ සහෝදවරුන් අතරත් ඔවුන්ගේ භාර්යාවන් අතරත් කුමන අන්දමේ බරපතළ ගැටුම් පැවතියද තම තමන්ගේ තනතුරු හා වරප්‍රසාද නැති වීයාමේ තර්ජනයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ඔවුන් සියලූ බේද පසෙකලා එකී තනතුරු හා වරප්‍රසාද රැකගැනීමට මීට ඉහත අවස්ථාවලදී පවා ඒකරාශීවී ඇත. එහෙයින් රාජපක්ෂ සහෝදරවරුන් අතර ඇතැයි කියන මතබේදයන් සම්බන්ධයෙන් කිසිදු මැතිඇමතිවරයකු විශ්වාස නොතබන බවද අප වෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends