Chitika Smowtion 468x60


Sunday, April 29, 2012

ජනාධිපතිවරයාට ජයරත්නගෙන් අනතුරු ඇගවීමක්


ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි නායකයින් හා ක්‍රියාකාරිකයින් අමතක කොට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි හොරුන්ට වැඩි සැලකිලි හා වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන්නේ නම් ළඟදීම එහි ඵලවිපාක බුක්තිවිදීමට ඔහුට සිදුවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද කුරුණෑගල පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ වරප්‍රසාද ලබා දීම ජයරත්න හේරත් මහතාගේ කෝපයට හේතු වී තිබේ.
කුරුණෑගල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා වන ජයරත්න හේරත් මහතා, වහාම එම ආසනයෙන් ඉවත් කොට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම ආසනය පැවරීමටත්, ජයරත්න හේරත් මහතා පොල්ගහවෙල ආසනයට යැවීමටත් ජනාධිපතිවරයා මේනවිට තීරණය කර තිබේ.
ජොන්්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටි වකවානුවේ, කුරුණෑගල ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ටත්, පාක්ෂිකයින්ටත් බරපතල වද හිංසා පමුණුවනු ලැබූ අතර එම අවස්ථාවේදී පාක්ෂිකයින් වෙනුවෙන් නොබියව පෙනී සිටි ජයරත්න හේරත් මහතාට ජොන්ස්ටන්ගේ මරණීය ප්‍රහාරයන්ට පවා ලක්වීමට සිදුවිය. එම ඉතිහාසය හොඳින් දන්නා කුරුණෑගල ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කුරුණෑගල ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීමේ තීන්දුවට දැනටමත් විරෝධය ඵල කොට පෙත්සම් එවා ඇතැයි ශ්‍රීලනිප මූලස්ථාන ප්‍රධානියෙකු අප වෙත පැවසීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්‍ර හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පවා ඔහුට එරෙහිව පෙළ ගැසී ඇති අතර, ජයරත්න හේරත් නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් නොව අනුර ප්‍රියදර්ශන යාපා, සාලින්ද දිසානායක, එස්.බී. නාවින්න සහ ටී.බී. ඒකනායක යන කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන්ද ජොන්ස්ටන්ට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටිති.

Source - lankanewsweb.com

Share this article with your friends