ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කිරීම තුළ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පමණක් නොව වගකිවයුතු ඇමතිවරුන් පවා අපහසුතාවයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සංචාරයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් ගෙන හැර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
පසුගිය දා දිවයිනට පැමිණි ඉන්දීය විපක්ෂ නායිකාව ඇතුලූ පිිරිස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දෙවන ශ්‍රේණියේ ධුත පිරිසක් වුවද ජනාධිපතිවරයා ඔවුන්ව ඉහළින්ම පිළිගෙන දෙවරක්ම හමු වූ බවත්, ඒ තුළින් එම පිරිසට අනවශ්‍ය වටිනාකමක් ලබාදුන් බවත් එම තත්ත්වය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා හෑල්ලූවට ලක් වූබවත් එම නිලධාරියා තවදුරතට සඳහන් කළේය.
එසේම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම එම නියෝජිතයින් කොළඹදී හමුවී, අනතුරුව දුරබැහැර ගෙවා තලවකැලේටද ගොස් ඇමති තොණ්ඩමාන් සමඟ එම පිිරිස හමු වීම තුළින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔහුගේ අමාත්‍ය ධුරය හෑල්ලූ කර ගැනීමක් බවක් හෙතෙම සඳහන් කළේය.
දෙවන ශ්‍රේණියේ දේශපාලඥයින් පිරිසක් වෙනුවෙන් මෙතරම් කාලය වැයකරන රාජ්‍ය නායකයින් සිටින්නේ ලංකාවේ පමණක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
Source - lankanewsweb.com