Chitika Smowtion 468x60


Sunday, April 15, 2012

ඓතිහාසික දඹුල්ල පුදබිමත් විකිණෙයි ද....!!


ඓතිහාසික වටිනාකම් වලින් යුතු බෞද්ධ සිද්ධස්ථාන වලට හිමි ඒ අවට ඉඩම් වල අන්‍යාගමිකයින් පදිංචි කරවීම, ඒම ඉඩම් ඔවුන්ට විකිණීම වැනි සිද්දීන් මීට පෙරත් වාර්තා වුනා.ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් ඒ අවට ඇති ඉඩම් වලටද මේ ඉරණම අත් වීමට යන බවකුයි ලැබෙන අළුත්ම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.

සිංහල රජ කාලයේ අභිමානවත් මාතලේ කැරල්ලට විශාල දායකත්වයක් දුන් කුඩා පොළ හිමියන් වැඩ සිටිම, අධිරාජ්‍ය විරෝධී, සිංහලේ නිදහස් සටන හි මෙහෙයුම් මධ්‍යස්ථානයක් වීම සහ රජ දවස රාජධානියක් වීම ආදී කරුණු නිසා රංගිරි දඹුල්ල ඓතිහාසික වටිනාකමකින් යුත් පූජා භූමියක් ලෙස සැලකේ.


මෙසේ රංගිරි දඹුල්ල පූදබිමට අයත් ඉඩම් පූජාභූමි සංවර්ධනයට යැයි ආණ්ඩුව විසින් පවරා ගනිමින් ඉතා රහසිගතව මුස්ලිමුන්ට හා හින්දුන්ට ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානම පිළිබඳ පැවසෙන කරුණු ගැන රජමහාවිහාරාධිපති අති පූජ්‍ය ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගෙන් විමසීමක් කෙරිණි.

උන් වහන්සේ පවසා ඇත්තේ ඓතිහාසික රංගිරි දඹුලූ පුදබිමට අයත් ඉඩකඩම් අත්තෝනෝමතිකව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පුජාභූමි සංවර්ධනයට යැයි පවරා ගනිමින් මුස්ලිමුන්ගේ හා දෙමළ ජාතීන්ගේ සන්තෝෂම්වලට යට වී අපේ උරුමය පාවාදීමට සැරසෙන බවටයි. මෙම බෞද්ධ විහාරස්ථාන වලට හිමි ඉඩම් මංකොල්ලය පිළිබඳ මේ වන විටත් ජනපතිතුමන් හා අග‍්‍රාමාත්‍යතුමන් ලිඛිතව දැනුවත් කළද මේ වන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබෙනවා.








Source: http://www.gossip9.com/2012/04/blog-post_5185.html#ixzz1s3MgdtOM

Share this article with your friends