Chitika Smowtion 468x60


Sunday, April 15, 2012

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලයි


නිල්වලා ගඟේ සැරිසරමින් සිටි මිනීමරු කිඹුලා ඊයේ (14) රාත්‍රියේදී උතුරු මාලිම්බඩ කුඩාදූව ප‍්‍රදේශයේ අටවනලද උගුලකට හසුව තිබෙනවා.

මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.

මින් ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය 04 වනදා නිල්වලා ගඟට මුහුණ සේදීමට ගිය උතුරු මාලිම්බඩ , දූවවත්ත පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී. නුවන්තිකා සත්සරණී පාසල් ශිෂ්‍යාව මිනීමරු කිඹුලා විසින් ඩැහැගෙන යාමයි. 

ජිවග්‍රහන්යෙන් අල්ලාගෙන ඇති මිනීමරු කිඹුලා වනජීවී නිලධාරීන් වෙත බාර කිරීමට නියමිත බව වාර්තා වනවා.කෙසේනමුත් ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ මෙම මිනීමරු කිඹුලාට අමතරව තවත් මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සැරිසරන බවයි.

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලාගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න






ජයාරූප : චතුරංග වීරමන්






Source: http://www.gossip9.com/2012/04/blog-post_9642.html#ixzz1s6y9zC2b

Share this article with your friends