ඒ මහතා පසුගිය 13 වනදා යුරෝපයේ සංචාරය කිරීමේ අරමුණෙන් ගැට්වික් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම ආබාධය මතුව ඇත.එම අබාධය මතුවීමෙන් අනතුරුව ඔහුව ඊස්ට් සරේ රෝහල වෙත ඇතුළත්කොට ඇත.
මේ පිලිබඳ අදහස් කල එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව මහතා කියා සිටියේ මෙවැන්නක්
"ජයලත් මහතා රෝහලට ඇතුලත් කර තිබෙනවා..තවමත් ඔහුගේ තත්වය වෛද්‍යයවරුන් විසින් අධ්‍යනය කරමින් පවතිනවා.වෛද්‍යයවරුන් විසින් ලබාදුන් ප්‍රතිකාර හේතුවෙන් ඔහු දැන් තරමක් සුවයෙන් පසුවනවා"මේ පිලිබඳ ලියුම්කරු කල සොයා බැලීමකදී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ඊස්ට් සරේ රෝහලේ පිරිමි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍යයවරුන් ඔහු පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවත් තහවුරුකොටගෙන ඇත.
- ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
Source: http://www.gossip9.com/2012/04/blog-post_1259.html#ixzz1s6vP9YHs