Chitika Smowtion 468x60


Friday, April 27, 2012

රාජපක්‍ෂවරුන්ට පෙරළා පහරදීම ජනකගෙන් ඇරඹෙයි!


ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පහරදීමේ අරමුණද සහිතව සැලසුම් කොට කි‍්‍රයාත්මක කළ දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුම මේ වනවිට ජනාධිපතිවරයාට පාරා වළල්ලක් වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉනාමළුවේ සුමංගල හිමියන් සහ මත්පැන් නිෂ්පාදක ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයා විසින් මෙහෙය වන ලද දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුමේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාද ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්විය.
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයාගේ ලක් එෆ්.එම්. ගුවන් විදුලියත්, ඉනාමළුවේ හිමියන්ගේ රංගිරි දඹුලූ ගුවන් විදුලියත් පසුගිය දින කිහිපය පුරා ආගම්වාදය අවුළුවාලීමට කටයුතු කළ අතරම, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද කි‍්‍රයාත්මක කළේය.
මෙම තත්ත්වය යටතේ අද තම අමාත්‍යංශය තුළ විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ තෙන්නකෝන් ඇමතිවරයා, දඹුල්ල ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළිදරව් කළේය. එය මේ වනවිට බොහෝ මාධ්‍යයන්හි සවිස්තරාත්මකව පළ වී තිබේ.
මෙම පල්ලිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළේ නම්, එය ඉවත් කර ගැනීමට තිබූ නමුත්, මේ වනවිට ප‍්‍රශ්නය දුරදිග ගොස් ඇති බැවින්, පල්ලිය ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. ඉනාමළුවේ හිමියන් තමන් කෙරෙහි වෛරී සහගත ලෙස කටයුතු කරන්නේ පෞද්ගලික අමනාපයක් මත බවද ඔහු සඳහන් කළේය.
මෙතෙක් සියලූ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ බලපරාක‍්‍රමය හමුවේ නිවටව සිටියද, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පාරම්පරික පවුලකින් පැවත එන ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා, එලෙස ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය හෙළිදරව් කිරීම බොහෝ ජ්‍යෙෂ්ඨ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ ප‍්‍රසාදයට හේතු වී ඇති බවද වාර්තා වේ. තමන්ගේ ජීවිතය ගැන හෝ නොසලකා ජනක ඇමතිවරයා එලෙස කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේද ආශ්වාදයට හේතු වී ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends