සාමානයනේ විදුලිබල මණ්ඩලය ප‍්‍රාදේශීය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය ලබා ගැනීමේදී අදාළ පෞද්ගලික විදුලි සමාගම සමග එක්ව, එක් විදුලි ඒකකයක් ගනනය කරනු ලබන්නේ එම පෞද්ගලික සමාගම ව්‍යාපෘතියට ආයෝජනය කරන ලද මුදල හා ලාභය වසර 10 ක් තුළදී උපයා ගැනීමේ ක‍්‍රමවේදයක් යටතේය. ඒ අනුව, විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරන ඕනෑම පෞද්ගලික විදුලිය සපයන සමාගමක් වසර 10 ක් තුළදී ඔවුන් යට කළ මුදල සහ ඊට අදාළ ලාභය උපයා ගනී. එවැනි තත්ත්වයක් තුළ වසර 10 කට වඩා එවැනි ගිවිසුම් දීර්ඝ කරන්නේ නම්, අදාළ සමාගමට උපරිම වාසියක් සැලසෙන අතර, ඔවුන්ට වැය වන්නේ මෙහෙයුම් වියදම පමණි.
එහෙත්, මේ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි රාශියක් විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව, එම නිලධාරීන් පවසා ඇත්තේ මාතර ඇලවේල්ල ‘ගී‍්‍රඞ්’ උපපොළ හරහා මාතර නගරයට ලබාදෙන විදුලි බලයට අමතරව, මෑතකදී බෙලිඅත්තේ ඉදිකළ ‘ගී‍්‍රඞ්’ උපපොළින්ද මාතර නගරයට විදුලිය ලබාදෙන බැවින්, පෙර මුදල ගෙවා දීයගහ පෞද්ගලික බලාගාරයෙන් විදුලි ඒකක ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
ක්‍ෂේත‍්‍රය භාර ඉංජිනේරුවන්ගේ එකී මතය පිළිගෙන ඇති ඇමතිවරයා, දීයගහ පෞද්ගලික බලාගාරයෙන් පෙර මිලට විදුලිය ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධානීන්ට පවසා තිබේ.
මෙයින් කලබලයට පත් අමාත්‍යංශ ලේකම්වරයා, දීයගහ පෞද්ගලික විදුලි සමාගමේ හිමිකාර හැරී ජයවර්ධන මහතාගේ සමීපතම මිතුරකු වන බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට ඒ පිළිබඳව දැනුම් දී ඇත. ඒ අනුව, දීයගහ පෞද්ගලික විදුලි සමාගමෙන්ද විදුලි ඒකක ලබාගැනීමට වහාම කටයුතු කරන්නැයි බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා, චම්පික රණවක අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Source - lankanewsweb.com