Chitika Smowtion 468x60


Friday, April 27, 2012

ජනාධිපතිවරයා, අගමැති කෙනෙකු සෙවීමේ අර්බුදයක!


අග‍්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙමින් පැවතීමත්, ඔහුගේ මතක ශක්තිය හීන වෙමින් තිබීමත් හේතුවෙන් අග‍්‍රාමාත්‍ය ධූරයට වෙනත් අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින නමුත්, ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමේ අපහසුව නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනය දිනෙන් දින කල් යමින් තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
කෙසේ වුවද, බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂ යන සොයුරන් මෙන්ම, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන මෛතී‍්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා වැනි කිසිවෙකු හෝ අගමැති ධූරය නොදීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසු අයෙකු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් තෝරා ගැනීමට නොහැකි තත්ත්වයත් මතු වුවහොත්, ශී‍්‍ර ලංකා මහජන පක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට කෙටි කලකට අගමැති ධූරය දී අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන මාසයේ සිදු කිරීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends