Chitika Smowtion 468x60


Tuesday, May 29, 2012

බිපාෂාව ගන්න නාමල් මිලියන 60ක් වියදම් කරලා


කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගවලියේ අවසානයේ (ජුනි 03) පැවැත්වීමට නියමිත ප‍්‍රසංගය සඳහා ඉන්දීය කලාකරුවන් ගෙන්වීමට වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 150 ක් බව වාර්තා වේ.
පැය දෙකකින් සමන්විත මෙම ප‍්‍රසංගය සඳහා බොලිවුඕ තිරයේ අතිශය ජනපි‍්‍රය බිපාෂා බාසු හා සමීරා රෙඞ්ඩි ද සහභාගි වෙති.
බිපාෂා කාල්ටන් සුපර් සෙවන්ස් ප‍්‍රසංගයට ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් වියදම් කිරීමට ඇස්තමේන්තු සකසා ඇතැයි පැවසේ.
ඇය සමඟ ඇගේ පරිවාර සේවයට තවත් 15 දෙනෙකු පැමිණෙන බවද වාර්තා වේ.
එමෙන්ම පසුගිය සතිඅන්තයේදී (26 - 27) මහනුවර බෝගම්බර ක්‍‍්‍රීඩංගනයේ පැවැති මේ තරගාවලියේ පළමු අදියර සඳහා සුපිරි නළු විවේක් ඔබරෝයි සහ පී‍්‍රති සින්ටා ගෙන්වාගැනීම හා ඒ ආශි‍්‍රත කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 70ක් වැය ඇතැයි පැවසේ.
මේ අතර සත් සාමාජික රග්බි තරගාවලියට කී‍්‍රඩා කරනු ලබන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන කී‍්‍රඩකයා වන උතුර ඊගල් පිල නියෝජනය කරනු ලබන සුදර්ශන මුතුතන්තී‍්‍රට දිනකට ලැබෙන්නේ රුපියල් 74,000ක් පමණක් බවද වාර්තා වේ.
එසේම සජිත් සාරංග දිනකට රුපියල් 65,000 ක් ද, දිලිප් සෙල්වම්ට දිනකට රුපියල් 59,000 ක් ද ගෙවීමට එකඟකරවාගෙන තිබේ.
ලාංකික කී‍්‍රඩකයන්ට ගෙනවු ලබන මිලට වඩා 10 ගුණයක් පමණ මෙම තරගාවලියට සහභාගිවන විදෙස් කී‍්‍රඩකයන්ට ලබාදීමට කටයුතු යොදා ඇත.
කෙසේවුවද මේ තරගාවලියේ කී‍්‍රඩකයන්ට වැය කරනු ලබන මිලට වඩා වැඩි මිලක් ඉන්දීය නිළියන්ට ගෙවීමද විශේෂිතය.
අදාල තරගාවලියේ සංවිධාන කටයුතු ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂ ප‍්‍රධානත්වය දරනු ලබන තාරුණ්‍යට හෙටක් සංවිධානය විසින් සිදුකරනු ලබයි.



Source - lankanewsweb.com

Share this article with your friends