ඒ අනුව යුද පෙරමුණේ ජනප්‍රිය චරිත බවට පත්ව සිටි දයා රත්නායක, ශවේන්ද්‍ර සිල්වා, චාවි ගාල්ලගේ, ජගත් ඩයස් වැනි මේජර් ජනරාල්වරු කපා හැර මහින්ද හතුරුසිංහ හෝ සුමේද පෙරේරා යන අය මේජර් ජනරාල්වරුන් දෙදෙනාගෙන් එක් අයකු යුද හමුදාපති කිරීමට යැයි.
4වන ඊළාම් යුද්ධයේදී වන්නි සේනාංකයේ සේනාංකාධිපති ලෙස යුද බිමට අවශ්‍ය බඩු බාහිරාදිය හා කෑම බීම සැපයීමේ රාජකාරිය පමණක් ඉටුකළ ජගත් ජයසූරිය මහතා, කිසිදු අවස්ථාවක 56, 57, 58, 59, දෙවන, තුන්වන, හතරවන කාර්ය සාධක බලකායන්ට හෝ විශේෂ බලකායට හෝ කමාන්ඩෝ රෙජිමේන්තුවට හෝ කිසිදු අවස්ථාවක අණ දීමක් නොකළහ. මෙම සියලූ සේනාංකයන්ට අණ දුන්නේ එවකට යුද හමුදාපතිව සිටි, ලූතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතායි. (RWP, RSP, USP, VSP, rcdc, psc) - නිලධාරී අංක 0/50536
ෆෙන්සේකා මහතා ඉවත් කොට යුද හමුදාපති ධුරයට ජගත් ජයසූරිය මහතා පත්කරනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයාගේ හිතවත්කම මතය. මොහු හමුදාව තුළ සිටි දුර්වලම මේජර් ජනරාල්වරයකු බව ප්‍රසිද්ධ කාරණයකි.
කෙසේ වුවද මීළග යුද්ධ හමුදාපති ධුරයට පත්වීම සඳහා මේවනවිට මේජර් ජනරාල්වරුන් අතර සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ. යුද හමුදා ආඥා පනත අනුව විශ්‍රාම යාමට නියමිත කාලය මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලයක රැඳිය හැකි උපරිම කාල සීමාව හේතුවෙන් මෙම සටන තවත් තිව්‍රර වී තිබේ. එම පනත්වලට අනුව මේජර් ජනරාල් ධුරයේ හෝ බි්‍රගේඩියර් ධුරයේ රැඳී සිටිය හැකි උපරිම වයස් සීමාවක් තිබේ. ඒ අනුව වසර හතරකට වඩා එම ධුරටය රැඳී සිටිය නොහැකි අතර, උසස් වීමක් නොලදහොත් ඔහු අනිවාර්යයෙන්ම විශ්‍රාම යා යුතු වේ.
ඒ අනුව මේජර් ජනරාල් ඩබ්ලිව්.සී.එම්.පී. සමරසිංහ (මෙන්දක සමරසිංහ -(RWP, RSP, USP, mdc, psc) - නිලධාරී අංක 0/50799 - කාණ්ඩ අංක 10 ) මහතා විශ්‍රාමික වයස සීමාව වන වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙරම විශ්‍රාම යෑමට වූයේ, ඔහු මේජර් ජනරාල් ධුරයේ උපරිම කාලය සම්පූර්ණ කර තිබූ බැවිනි. 1958.04.01 දින උපත ලැබූ මෙන්දක සමරසිංහ මහතා යුද හමුදා විශ්‍රාමික වයස අනුව විශ්‍රාම යා යුතුව තිබුණේ 2013.03.31වන දිනය. එහෙත් ඔහු මේජර් ජනරාල් ධුරයේ උපරිම කාලය ගත කළද උසස් වීමක් හෝ සේවා දිගුවක් නොලැබුණු හෙයින් 2009 යේදී විශ්‍රාම යෑමට සිදුවිය.
ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු වන මේජර් ජනරාල් මෙන්දක සමරසිංහ මහතා, එල්ටීටීඊයට එරෙහි 2006 මාවිල්ආරු සටනේදී 22 සේනාංකාධිපති ලෙස කටයුතු කරමින් එල්ටීටීඊයෙන් මාවිල්ආරු, මුත්තූර්, තෝපූර්, පහලතෝපූර්, සාම්පූර් මුදා ගැනීමේ මෙහෙයුම් වලට නායකත්වය දුන් අයෙකි. එහෙත් ඔහුට සේවා දිගුවක් ලබාදී ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතෙක් හෝ සක්‍රිීය හමුදා සේවයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් අනුමැතියක් නොලැබීම නිසා ඔහුට විශ්‍රාම යෑමට සිදු විය.
යුද හමුදා සේවය මීළඟට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිළධාරියා වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී R.M.D. රත්නායක මහතාය. (දයා රත්නායක- පාබල රෙජිමේන්තුව (RWP, RSP, USP, PSC) කාණ්ඩ අංක 13, නිලධාරී අංක 0/50915). 1958.02.22 දින උපත ලද දයා රත්නායක මහතාට 2013.02.21වන දිනට වසර 55ක් සම්පූර්ණ වන අතර සේවා දිගුවක් නොදුනහොත් එදිනට ඔහුටද විශ්‍රාම යෑමට සිදුවේ.
එල්ටීටීඊයට එරෙහිව යුද මෙහෙයුමේදී 23වන සේනාංකාධිපති ලෙස කටයුතු කරන දයා රත්නායක මහතා වාකරේ සහ තොප්පිගල මුදා ගැනීමේ සටන් වලට නායකත්වය දෙනු ලැබීය.
අවසන් යුද මෙහෙයුම් වලදී 58වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මාධ්‍ය වීරයකු බවට පත්, ගජබා නිලධාරියෙකුවන එල්.එච්.එස්.සී. සිල්වා (ශවේන්ද්‍ර සිල්වා - WWV, RWP, RSP, USP, psc - බඳවා ගැනීම් කාණ්ඩ අංක 19 - නිලධාරී අංක 0/60264) මහතාද යුද හමුදාපති ධූරය බලාපොරොත්තුව සිටින තවත් නිලධාරියෙකි.
1964.06.22 උපත ලද ශවේන්ද්‍ර සිල්වා මහතාට වසර 55 සම්පූර්ණ වන්නේ 2019.06.21 දිනය. එහෙත් 2009 වසරේ මේජර් ජනරාල් ධුරයට පත් ඒ මහතාට එම ධුරයේ රැඳී සිටිය හැකි උපරිම කාලය ඊට පෙර උදාවන බැවින් සේවා දිගුවක් හෝ යුද හමුදාපති ධුරය නොලැබුණහොත් ඔහුටද 2016යේදී අනිවාර්යයෙන්ම විශ්‍රාම යෑමට සිදුවේ.
මේජර් ජනරාල් සී.පී. ගාල්ලගේ (චාගි ගාල්ලගේ - RWP, RSP) කාණ්ඩ අංක 19 - නිලධාරී අංක 0/60272) මහතා ද හමුදාපති ධුරයට කුරුමාණන් අල්ලන තවත් නිලධාරියකි. ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන චාගි ගාල්ලගේ මහතා අවසන් යුද මෙහෙයුමේ මුල් කාලයේ කමාර්ඩෝ රෙජිමේන්තුවට අණ දුන්නේය.
1963.08.31 උපත ලද චාගි ගාල්ලගේ මහතාට 2018.08.30 දිනට වසර 55ක් සම්පූර්ණවේ. එදිනට පෙර ඔහුට යුද හමුදාපති ධුරය හිමි නොවුණහොත් සේවා දිගුවක් නොලැබුණහොත් හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට සිදුවේ.
තවත් ගජබා රෙජිමේන්තු නිලධාරියෙකුවන මේජර් ජනරාල් එන්.ඒ.ෙජ්.සී. ඩයස් (ජගත් ඩයස් - RWP, RSP) බඳවා ගැනීමේ කාණ්ඩ අංක 14 - නිලධාරි අංක 0/50991) මහතාද යුද හමුදාපති වීමේ බලාපොරොත්තුවෙන් සිටින අයකි. 1960.12.26 දින උපත ලැබූ ඔහුට 2015.12.25 දින වසර 55ක් සම්පූර්ණවේ. ඊට පෙර ඔහුගේද මේජර් ජනරාල් ධුරයේ උපරිම වයස් සීමා සම්පූර්ණවීමට නියමිතය. ඒ අනුව එදිනට පෙර ඔහුට සේවා දිගුවක් හෝ යුද හමුදාපති ධුරය නොලැබුණහොත් විශ්‍රාම ගැනීමට සිදුවේ.
ඉහත සඳහන් කළ මේජර්වරුන් සියලූ දෙනාම මාධ්‍ය සමඟ සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයින් වීමත් ඔහුන් සමහර අවස්ථාවලදී ආරක්ෂක ලේකම්වරයාට අවනත නොවන ආකාරයට හැසිරීමත් යුද හමුදාපති වීමට නොදුසුකමක් සේ ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය යටතේ අනාගත හමුදාපතිවරයා වීමට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ අවධානයක් දිනා ගෙන ඇත්තේ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ (RSP, MDC) - බඳවා ගැනීම් කාණ්ඩ 22- නිලධාරී අංක හෝ 0/50940)
1961.01.03 දින උපත ලද මහින්ද හතුරුසිංහ මහතාට 2016.01.03 දින වසර 55 සම්පූර්ණ වේ.
කෙසේ වුවද මොහුට බරපතල විශමාචාර චෝදනා එල්ල වී තිබේ. මොහුගේ සොහොයුරු කර්නල් නන්දන මුණසිංහ මහතාද බරපතල දූෂණ චෝදනා වලට ලක් වූ අයකි.
මහින්ද හතුරුසිංහ මහතා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද වඩාත්ම විශ්වාසය දිනා ගෙන ඇත්තේ අනෙක් මේජර් ජනරාල්වරයා වන්නේ ටී.කේ.එස්. පෙරේරා (සුමේධ පෙරේරා - WWP- RSP) බඳවා ගැනීම් නිලධාරී අංක 0/50944) මහතාය. 1961.10.01 දින උපත ලද සුමේධ පෙරේරා මහතාට 2016.09.31වන දිනට වයස අවුරුදු 55 සැපිරේ. මොහුද බරපතල වංචා දූෂණවලට චෝදනා ලැබූ අයෙකි.
මෙලෙස ආරක්ෂක ලේකම්වරයාගේ වැඩිපුර විශ්වාසය දිනාගෙන සිටින මේජර් ජනරාල්වරුන් දෙදෙනා වන මහින්ද හතුරුසිංහ මෙන්ම සුමේධ පෙරේරාද බරපතල දූෂණ චෝදනාවලට ලක් වූවන් බැවින්, එකී චෝදනා පාදක කර ගැනීමේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමන්ට අවශ්‍ය පරිදි ඔවුන් හැසිරවිය හැකි බව ආරක්ෂක ලේකම්වරයාගේ නිගමනය වී ඇතැයි අප වෙත මෙම තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
Source - lankanewsweb.com