Chitika Smowtion 468x60


Thursday, May 10, 2012

නිදන් සෙවීමට ගොඨාගෙන් ලේසර් අවි


භූගත දෑ ඉතා සියුම්ව නිරික්ෂණය කල හැකි ලෙසර් අවි 16ක් ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සමිපතම ගොලයකුවන විශේෂ කාර්ය බලකායේ මේජර්වරයෙකු වූ ගොඩමුන්න අතට පත් කර තිබෙන බව වාර්තා වේ.
අදාල අවි ඉරාන ආයුධ ජාවාරම්කරුවෙකු වූ නුසරිඩ් ජෙගන් හරහා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේය. පසුගියදා සිදු වූ පුරාවස්තු මංකොල්ලයකට මේජර් ගොඩමුන්න යටතේ ඇති බලඇණිය සම්බන්ධ බවද වාර්තා වේ.
මේ අතර මංකොල්ලකෑමට ලක් වූ අතීත පුරාවිද්‍යා පුදබිම් නිරීක්ෂණය කල කැළණිය සරසවියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සුනීත වටරැක මහතා කල පරික්ෂණවල වාර්තාවන්ට අනුව නවින තාක්ෂණික අවිය භාවිතා කල බවට සාධක තිබෙන බවද අනාවරණ වි තිබේ.
මේ පුවත සැලවීමත් සමඟ අදාල මේජර්වරයා සහ ඔහුගේ බලඇණියේ සඟයන් සිංගප්පූරුව බලා ඊයේ (09) හවස 2.30 ට ආරක්ෂක ලේකම්වරයා විසින් පිටත්කර යවා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends