සබන්, දත් ඛෙහෙත්, පොත්, පෑන්, පාවහන්, ඇඳුම් පැලඳුම් ආදී පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම වාර්තා වන්නේ නැතැයිද මෑත කාලය තුළ පාවහන් 50%කින් සබන් 30%කින් රෙදිපිළි 100%කින් පමණ වැඩිවී ඇතැයිද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සැඟවුනු අර්බුදය හෙළි කෙළේය.
ගිය අවුරුද්දේ වෙසක් පෝය ලබන කොට විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා හිටියේ ඉන්දියාවේ. ඒ රාජතාන්ත්‍රික ගමනේ ප්‍රතිඵලයක් විදියට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට ලබාදුන්නා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සාර්ථකව ඉදිකිරීම් කළ හැකිව තිබියදී මේ වැඩේ කළා. මෙවර වෙසක් උත්සවය ලබන විට පෙරදා මධ්‍යම රාත්‍රියේ කිරි පිටි ගෑස්, සිමෙන්ති මිල විශාල වශයෙන් වැඩි කළා. මේ තත්වය යටතේ ජාතික වැදගත්කමකින් යුතු උත්සවයක් ලබන අවස්ථාවලදී මේ රටේ ජනතාව පීඩනයකට පත්වෙමින් සිටිනවා ආණ්ඩුව කුමන ක්‍රියාමාර්ගයක් ගනීද කියලා. ඒ ක්‍රියාමාර්ග ජනතාවට පීඩාකාරී.
නිශ්චිත වශයෙන් පාලන මිලකට යටත්ව තිඛෙන්නේ පාරිභෝගික භාණ්ඩවලින් කිහිපයක් පමණයි. එයින් පිට අතිවිශාල ප්‍රමාණයක් පාලන මිලට යටත් නැහැ. සබන්, දත් ඛෙහෙත්, පොත්, පෑන්, පාවහන්, ඇදුම් පැලඳුම් උදාහරණ කිහියක්. ඒ නිසා මෙම භාණ්ඩවල මිල ඉහළ යෑම වාර්තාගත වන්නේ නැහැ. මෑතකාලය තුළ පාවහන් 50%කින් සබන් 30%කින් රෙදිපිළි 100%කින් පමණ වැඩිවී තිඛෙනවා. ඒ වගේම නිරන්තර ඉහළ යමින් තිඛෙනවා. ජනතාව මත පැටවෙන මේ ජීවන බර කොහෙවත් සඳහන් වන්නේ නැහැ. ආණ්ඩුව අනුගමනය කරමින් තිඛෙන වැරදි ආර්ථීක ප්‍රතිපත්තිය නිසා වගේම වැරදි කළමනාකරණය නිසා මේ තත්වය උදාවී තිඛෙනවා.
2011 අවුරුද්දේ අපේ රටේ වෙළඳ හිගය ඩොලර් බිලියන 10යි. 2010 අවුරුද්දේ ඩොලර් බිලියන 5යි. 2009 අවුරුද්දේ ඩොලර් බිලියන 2යි. මේ අනුව බැලූවහම වෙළඳ හිගය දෙගුණවෙමින් ඇවිත් තිඛෙනවා. මේ අවුරුද්ද අවසන් වනවිට මේ තත්වයෙන් පැවතිය හොත් ඩොලර් බිලියන 20ක හිගයක් ඇතිවීමේ අනතුරක් මතුවී තිඛෙනවා. රට තුළ භාණ්ඩ මිල ඉහළ යෑමට රුපියලේ කඩාවැටීම බලපා තිිඛෙනවා. වෙළඳ හිගයෙන් පෙන්නුම් කරන්නේ රටට අවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයන මත රඳා පැවතීමයි. ඉතිහාසයේ ගැඹුරුම පතුලට රුපියල කඩා වැටීමෙන් පෙනෙන්නේ මේ ආනයන භාණ්ඩලවල මිල දෛනිකව සීග්‍රයෙන් වැඩිවෙමින් තිඛෙන බව. උදාහරණයක් හැටියට කිරි පිටි ආනයනය කිරීමේ බදු පැනවීමේ රුපියල් 92කින් මිල වැඩිවුණා. නමුත් මෙවර මිල වැඩිවීමේදී ඒක රු.163/} දක්වා ඉහළ ගියේ ඇයි? ඊට හේතුවී තිඛෙන්නේ රුපියල කඩාවැටීමෙන් සිදුවන බලපෑමයි. ආණ්ඩුව කියන්නේ දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට බදු වැඩිකළ බවයි. මේ කතා බොරු. ඇත්ත හේතුව රුපියල කඩාවැටීමත්, ආණ්ඩුව බදු මත පදනම්ව ආදායම් හෙවීමත්. ගෑස් මිල වැඩිකිරීමත් සිමෙන්ති මිල වැඩිකිරීමත් පිටුපස තිඛෙන්නේ මේ ඇත්ත හේතුයි.
ක්‍රෙඩිට් කාඩ්වලට පොළිය 30% දක්වා ඉහළ දමා තිඛෙනවා. මෙයින් සිද්ධ වෙන්නේ වෙළඳ පොලෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අඩුකර ගැනීමයි. මුදල් සංසරණය අඩු කරන්නයි. ඒ වගේම පසුගිය වසරේ ණය ලබාදීම 34% දක්වා වර්ධනය වී තිබීමෙන් එය 18% දක්වා අඩු කිරීමට මහ බැංකුවෙන් උපදෙස් දී තිඛෙනවා. එයත් ආර්ථීකය හැකිලවීමක්. වෙළෙඳ පොළ කි්‍රයාවලිය කළමනාකරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට නැහැ. ආර්ථීකය මෙහෙයවීමත් ආණ්ඩුවෙන් ගිලිහී තිඛෙනවා. මේ තත්වය යටතේ වෙළෙඳ පොළ ප්‍රසාරණය කරනවා වෙනුවට කේඩෑරි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැහැදිලියි. ධනේෂ්වර කළමනාකරණය ලෝකයේ ඉහළින්ම තිඛෙන බව පිළිගෙන තිඛෙනවා. නමුත් අපේ රටේ පවතින පසුගාමී තත්වය නිසා ඒ දියුණු ධනේෂ්වර කළමනාකරණයවත් කර ගැනීමට බැරි තත්වයට පත්වෙලා.
උදාහරණයකින් පැහැදිලි කරනවානම් රටට අවශ්‍ය කිරිවලින් 80%ක් ආනයනය කරනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්නේ 20%යි. රටේ තිඛෙන පසුගාමී ධනේෂ්වර කළමනාකරණය නිසා මේ 20% අපතේ යන තත්වයකට පත්වෙලා. මේ විනාශ කරන්නේ ජාතික සම්පත් ඒ වගේම තමයි බිත්තර. ගොවිපලෙන් මිලදී ගන්නේ රුපියල් 6.50කට. එළවලූ ගොවියා මුහුණ දී සිටින්නෙත් මේ ප්‍රශ්නයටමයි. පසුගිය අවුරුද්දේ වී නිෂ්පාදනය වැඩිවී ඇති බව කියනවා. නමුත් රටේ සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නැහැ. ඉතිහාසය වැඩිම තිරිගු පිටි ප්‍රමාණය ආනයනය කර තිඛෙන්නේ පසුගිය අවුරුද්දේ. පිටි කියන්නේ සහල්වලට ආදේශකයක්. ඒ අනුව බලනකොට රට සහලින් ස්වයංපෝෂිතයි කියන එක වැරදියි. පසුගාමී ධනේෂ්වර කළමනාකරණයේ අර්බුදය කියන්නේ මෙන්න මේකට. ඇමරිකාවේ විනාශ කරන්නේ තිරිඟ= පිටි නිෂ්පාදනයේ අතිරික්තය. නමුත් අපේ රටේ එළවලූ වී කිරි නිෂ්පාදනයේ අතිරික්තයක් නැහැ. පවතින්නේ ඌණතාවයක්. මේ තත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් වර්තමාන පාලකයන්ට නැහැ.
එමිරේට් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නැවතත් රජයට පවරා ගන්න ආසන්නයේ තිබියදී මිහින් ලංකා ගුවන් සමාගම පටන් ගත්තා. ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 10,000ක් රජයෙන් ලබාදී තිඛෙනවා. ඒ කාලය තුළ ලැබූ මුළු පාඩුව රුපියල් මිලියන 8000යි. ගූන්‍ය සමාගමක් බවට පත්වෙලා. ශී්‍ර ලංකන් ගුවන් සමාගම පවරා ගත්තාට පසු 2011 පාඩුව රුපියල් දශලක්ෂ 19100ක්. මේ වගේ තත්වයක් යටතේ 2012 අයවැය මගින් මිහින් ලංකා සමාගමටත් එයාර් ලංකා සමාගමටත් රුපියල් මිලියන 10,000ක් වෙන්කළා. අයවැය ඉදිරිපත් කර මාස 03ක් යන්නටත් පෙර තවත් රුපියල් මිලියන 2286ක් පරිපූරක ඇස්තමේන්තු මගින් ඉල්ලා තිඛෙනවා. මේකෙන් පැහැදිලි වන්නේ අඩුම ගානේ මාස 03ක් ආවරණය කරගත හැකි ආකාරයට අයවැය ලේඛනය සකස් කර නැති බවයි.
ඌණ සංවර්ධන ව්‍යාපාර පවරාගැනීමේ පනත යටතේ පැලවත්ත සීනි සමාගම පවරා ගත්තා. මේ පවරා ගැනීම පිටුපස දේශපාලන අවශ්‍යතාවයක් තිබුණු බව පැහැදිලියි. පුද්ගලික සමාගමක් යටතේ පවත්වාගෙන ගිය සීනි කර්මාන්තයට අලූතින් එක උක් පඳුරක්වත් එකතු කිරීමට අසමත් වුණු ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් මිලියන 200ක් සේවක පඩිනඩි ගෙවීමට වෙන්කළා. මේ සමාගම පුද්ගලික අංශයේ තිබුණා නම් මහජන මුදල් නාස්තියක් වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට පවරාගැනීමෙන් පස්සේ මේ විදිහේ පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් ලබාදෙනවා. මේ නාස්ති කරන්නේ ජනතාවගේ මුදල්.
මේ හැමදේම අතරේ රටේ ආර්ථීකය රාජපක්ෂ පාලනයට අවශ්‍ය විදියට හසුරුවන බව ඉතාම පැහැදිලියි. මහජනතාව එයට විරෝධය පලකිරීම මගහැරවීමට වෙනත් උත්සාහයන් දරමින් සිටිනවා. නියමිත කාලයට පෙර ආයෙත් සැරයක් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට උත්සාහ කරන්නේ ඒ වගේ උත්සාහයක් හැටියටයි. මුළු රාජ්‍ය බලය, මැර බලය, රජයේ අරමුදල් යොදවා විකෘති ජනමතයක් ආණ්ඩුවට තිඛෙන බව පෙන්වන්න උත්සාහ කරනවා. නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තව මාස 13ක් තිඛෙනවා. උතුරු මැද තව මාස 15ක්, සබරගමුවත් ඒ වගේමයි. පසුගිය පළාත් සභා 08ක මැතිවරණ ඡන්ද හයකට යටත්ව පැවැත්වූවා. මේ පරණ සූදුවම කරගෙන යාමට ජනතාව ඉඩ දිය යුතු නැහැ. පළාත් සභා සියල්ල එකවිට විසුරුවා හැර මැතිවරණය තියලා ජනමතය නිවැරදිව ප්‍රකාශ කරන්න ඉඩ දිය යුතුයි. එහෙම නොකර ඉතිහාසයේ කළා වගේ ජනමතය ඩෝසර් කරන කුඩා ඡන්දවලට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන පොලිස් කොමිසම ඇතුළු නිවැරදි විධිවිධානවලට යටත්ව පවත්වන මැතිවරණ ආණAඩුවට අවාසිදායක බව පැහැදිලියි. අපි පක්ෂයක් පළාත් සභා ප්‍රතික්ෂේප කළත් පවතින යථාර්ථය ඇතුලේ සලකා බැලීම අවශ්‍යයි. ආණ්ඩුව උතුරු පළාතේ පළාත් සභා පිහිටුවා සිවිල් පරිපාලනයට අවම හෝ ඉඩකඩ ලබානොදෙන්නේ එය තුළ පවතින අවාසිදායක තත්වය නිසයි. මැතිවරණ හරහා ආණ්ඩුව කරන්නේ දේශපාලන ගේම් ගැහිල්ලක්.