Chitika Smowtion 468x60


Thursday, May 10, 2012

ජනාධිපතිවරයා සැටලයිට් හරහා දේව පුජාවක


නාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොරියා සංචාරයේ යෙදීසිටි සමයේ, ඔහුට බරපතල අපලයක් ඇතැයි දැනගත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනාධිපති වැලිමිටියාවේ කුසලධම්ම හිමිපාණන් විශේෂ කට්ටඩියෙකු ජනාධිපති මන්දිරයේ භූගත කුටියකට රැගෙන ගොස් විශේෂ පුජාවක් පැවත්වුබව අප මිට පෙර හෙලිකලෙමු. ඒ ආශිත තවත් තොරතුරු රැසක් මේවනවිට අප වෙත වාර්තාවී තිබේ.
ජනාධිපතිවරයාට ඇතිව තිබුනේයැයි කියන කාලි මෑණීයන්ගේ බලපෑමෙන් මුදවා ගැනීම සඳහා මෙම පූජාව පවත්වා ඇත්තේ, සැටලයිට් 3D තාක්ෂණය ඔස්සේය. ඒ අනුව ලංකාවේ ජනාධිපති මැදුරේ සිටි කට්ටඩියා 3D තිරයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති අතර, ජනාධිපතිවරයා කොරියාවේ සිට සැටලයිට් මාර්ගයෙන් පූජාවට පේවී ඇත. මෙම පූජාව සඳහා එම මොහොතේ කාලි මෑණියන්ගේ පිළිරුවක් එළකිරි වලින් නෑවීමට කට්ටඩියා දන්වා ඇත. එවිට ලංකාවේ වේලාව පාන්දර 2.30 ට පමණ වී තිබේ. කොරියාවේ ජනාධිපතිවරයා නතර වී ඇති හෝටල් ප්‍රදේශයේ කාලි මෑණියන්ගේ පිළිරුවක් සොයා ගැනීමට ඉතා රහසිගත මෙහෙයුමක් දියත් වී ඇත. ඒ අනුව පිළිමය හොයා ගන්නා විට අළුයම 4.00 ත් පසුවී ඇත. එම පිළිමය සොයා ගෙන ඇත්තේ කොරියාවේ ඇති ලංකාවේ තානාපති කාර්යාලයට සම්බන්ද බාසු කනගරත්නම් නැමැති පුද්ගලයාගේ නිවසෙනී.
ඒ අනුව පිළිමය ජනාධිපතිවරයා ඉදිරියේ තැන්පත් කොට ඇත. අනතුරුව ජනාධිපතිවරයා ලංකාවේ සිට කට්ටඩියා සැටලයිට් මාර්ගයෙන් දැනුම්දුන් පරිදි දොළොස්වතාවක් බිම දිගාවී වැඳ කාලි පිළිරුව කිරෙන් නහවා ඇත. ඉන්පසුව කට්ටඩියන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කරේ බැඳඇති රන් මාලය ගලවා කාලි පිළිරුවට පලඳන ලෙසය. ඉන්පසු ජනාධිපතිවරයාට එතුමාගේ කෙස් රොදක් සහ නියපොතුද කපා කාලි පිළිරුව පාමුල පූජා කොට ශ්ලෝක ගයන්නට සිදු වී ඇත.
ඉන්පසු කට්ටඩියා නියම කොට ඇත්තේ එම මොහොතෙම බලගතු පූජාවක් භාරහාර වෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති සියළුම කාලි කෝවිල් වල එකම දිනක, එකම වෙලාවක තමා නමින් ස්වර්ණාභරණ  පූජාවක් සිදු කරන නියම කර ඇත.
ඒ අනුව එම මොහොතේම කට්ටඩියා දඹුල්ලේ කාලි කෝවිලට බලපෑමක් වෙමින් පවතින බව පවසා ඇති අතර, අතර ජනාධිපතිවරයා එසැනින් පොලිස්පති ඉලංගකෝන් මහතාට අමතා දඹුල්ලේ කාලි කෝවිලට පොලිස් ආරක්ෂාව සපයන ලෙසට නියෝග කර ඇත. මෙම පුජාව ඉතා රහසිගතව සිදුකලද, සුළු මොහොතකින් ජනාධිපති මන්දිර කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු ඒ පිළිබවද දැනුවත්වී ඇති අතර එයින් කොපයටපත් ජනාධිපතිවරයා පසුදාම , අදාළ පුජාවට සහභාගිවූ ඩිජිටල් තාක්ෂණ නිළධාරීන් දෙදෙනා මාරු කර යවා ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends