Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

ජෙනරාල්ගේ සාකච්ඡා කරුවන් ජනතාව ඇන්දුවා


අධිකරණ ලේකම්ගේ ලිපියෙන් හෙළිවේ

ජෙනරාල් ෆොන්සේකා මහතා 21 දා නිදහස් වී පැමිණි පසු කීවේ තමන්ට ලැබුණු නිදහස කොයි ආකාරයේ එකක් දැයි තමා නොදන්නා බවයි. නමුත් ඊට පෙර දින 20 දා රාත්‍රියේ සාකච්ඡා කාර ටිරාන් අලස් මන්ත්‍රීවරයා මාධ්‍යයට කීවේ "ලබා දී තිඛෙන නිදහස මොහුව නිදහස් කිරීම පමණයි. පූර්ණ නිදහසක්ද නැද්ද කියන එක අපි හෙට එලියට ආවට පස්සෙ බලාගන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැත්නම් ඉදිරියටත් සියලූ දේ මෙතුමාට ලබා දීමට කළ යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා." කියා ය. ඒ දක්වා ඔහු කීවේ කිසිදු කොන්දේසියක් නොමැතිව ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවකි.

කෙසේ වෙතත් මෙහි දැක්වෙන්නේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය විසින් 21 දා බන්ධනාගාර කොමසාරිස් වරයා වෙත යවන ලද ලිපියයි. එහි සඳහන් වන්නේ අධිකරණ ඇමැතිවරයා විසින් සුදු කොඩි නඩුවෙන් සහ දෙවන යුදාධිකරණ නඩුවෙන් ද~ුවම් ලබන සිරකරු අංක 022032 දරණ සිරකරුවා වන සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාට ජනාධිපති නිදහසක් සඳහා රෙකමදාරු කරන බවයි. රෙකමදාරුව යවා ඇති දිනය වී ඇත්තේ මැයි මස 15 දා ය. එනම් 'අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා' යැයි රාජපක්ෂ විසින් පළමුවරට හින්දු පුවත් පතේ මාධ්‍යවේදියාට හෙළි කළ දිනට පසු දිනයයි.

අධිකරණ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස්ට යැවූ මෙම ලිපියේ පැහැදිලිව දැක්වෙන්නේ රෙකමදාරුව අනුව රාජපක්ෂ ජනාධිපති විසින් සිරකරුගේ 'ඉතිරි ද~ුවම් කාලයට' සමාව දී ඇති බවයි. ඉතිරි කාලයට පමණක් නිදහස ලැබේනම් ජෙනරාල්වරයාට සිවිල් අයිතිය නැතිවන බව ඕනෑම පොඩි ලමයෙක් පවා දන්නා කාරණයකි.

මේ අනුව සාකච්ඡාකරුවන් රාජපක්ෂ සමග කමින් බොමින් රාත්‍රී භෝජන වළඳමින් 22 දා එනම් ඊයේ දක්වා ෆොන්සේකා මහතාට දුන් නිදහසේ තරම දන්නේ නැතැයි පවසන්නේ පට්ට පල් කෙබරයක් බව මෙම ලිපියෙන් සනාථ වේ.

'කොන්දේසි නෑ, කොන්දේසි නෑ' යනුවෙන් දොඩවමින් මොවුන් ජනතාව ගොනාට ඇන්දුව බව දැන් කාට කාටත් තේරුම් යනු ඇත. ප්‍රශ්නය වන්නේ ජෙනරාල් ෆොන්සේකාවත් ඇන්දුවාද? යන්නයි.
Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends