ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල නීතිමය ප්‍රශ්නයක් ලෙස කරළියට
සරත් ෆොන්සේකා නිදහස් කිරීමට රාජපක්ෂ පවුල තුල ඇතිවී ඇති අර්බුදය නීතිමය ප්‍රශ්නයක් ලෙස මතු කර ඇතැයි
රෙජීමාධිපති මරා දැන් තැන තැන කියන්නේ ෆොන්සේකා හිර කරන්න යැයි කීවේත් අද නිදහස් කරනවාට විරුද්ධ වන්නේත් ඇමැතිවරුන් බවයි. ගෝඨාභය ෆොන්සේකා නිදහස් කරන ලෙස තමාට බල කරන බවද ඔහු පවසයි. මේවාට මරාවාදී මාධ්‍යකරුවෝ ඉහළ ප්‍රචාරයක් ලබා දෙමින් සිටී.
මේ කතාව ගැන ඇමැතිවරුන් අමු තිත්ත කුණු හරුපයෙන් රාජපක්ෂලාට බැන වදිමින් සිටිති. රාජපක්ෂ පවුලේ පලිගැනීමේ චේතනාව නිසා සරත් ෆොන්සේකා හිරේ දමා දැන් එය ඇමැතිවරු පිටින් යැවීම ගැන ඔවුන් දැඩි සේ කෝප වී සිටිති. ෆොන්සේකා මරා දමන බව කියමින් 'I ll hang him' කියා බීබීසියට ඛෙරිහන් දුන්නේ ඇමැතිලාද ගෝඨාභය දැයි එක් ඇමැතිවරයෙක්
ඊයේ දිනයේද මරා සරත් ෆොන්සේකා නිදහස් කිරීමට යෑම ගැන ගෝඨාභය විරුද්ධ වී ඇතැයි පැවසේ. මෙය හිටපු නීතිපති වත්මන් ජනාධිපති නීති උපදේශක මොහාන් පීරිස් හරහා ගෙනැවිත් ඇත්තේ පළමු යුදාධිකරණ තීන්දුව, දෙවන යුදාධිකරණ තීන්දුව සහ සුදු කොඩි නඩු තීන්දුව ආදියට එරෙහිව සරත් ෆොන්සේකා මහතා විසින් පවරා ඇති අභියාචනා නඩු ඉවත් කර ගන්නේ නැතිව ජනාධිපති සමාව දිය නොහැකි බවයි. මෙහිදී වත්මන් නීතිපතිනිය විමසන ලදුව ඇයගේ උපදේශය වී ඇත්තේ එවැන්නක් ව්‍යවස්ථාවේ නොමැති බවයි. අනෙක් අතට නඩුවක තීන්දුවකින් දුන් ද~ුවමක් ගැන ජනාධිපතිවරයා සමාව දෙන්නේ නම් එම නඩු තීන්දුව ගැන පවතින අභියාචනයද ඉබේම අහෝසි වන බව ඇයගේ මතය වී තිබේ.
එසේ වී නමුත් ගෝඨාභය සමග එකට ව්‍යාපාර කරන මොහාන් පීරිස් zනෑ නෑ අභියාචන ඉවත් කරන තුරු ජනාධිපති සමාව දිය නොහැකිZ යයි කියමින් නීති තර්කයක් ඉදිරියට ගෙනැවිත් ඇත. මෙය මොහාන් පීරිස් ලවා ගෝඨාභය කරවන ලද්දකි.
කෙසේ වෙතත් මෙහි ප්‍රශ්නයක් තිබිය නොහැක. මන්ද රජයක් නීති උපදෙස් ලබා ගත් යුත්තේ නීතිපතිගෙන් මිස පැන්ෂන් ගිය නීතිපතිගෙන් නොවන නිසාය. වත්මන් නීතිපති මතයට ගරු නොකරන රෙජීමය තමන්ට අවශ්‍ය මතය ගෙන එන හිටපු නීතිපතිගේ මතයට ගරු කරමින් සිටින බව පෙනී යයි.
ඊයේ පැවැති විජයග්‍රහණය සමරුවේදී රෙජීමාධිපති විසින් ෆොන්සේකාගේ සමාව ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි බොහෝ මාධ්‍ය පවසා සිටියද මරා ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත.
රෙජීමාධිපති සමග සාකච්ඡා කරු වන ටිරාන් හුලස්ගේ අද පත්තරයේ පවසා තිබුනේ
මේ දක්වා එවැන්නක් සිදුවී නැතිවා පමණක් නොව මෙම ලියන මොහොත වන විටද මේ පිළිබඳ රහසිගත සාකච්ඡාවක් අරලිය ගහ මැදුරේ පැවැත්වෙමින් තිබේ. 19 රාත්‍රී මරා කටාර් දේශය බලා පිටත්ව යෑමට නියමිත ය.
18 දා පැවැත්වූ ඇමරිකානු සාකච්ඡා සඳහා ප්‍රදර්ශණයට හදිසියේම ෆොන්සේකා පස්සෙන් පන්න පන්නා සමාව ගැන කතා කර යළි කටුව තුලට වැද ගැනීමේ රාජපක්ෂ කුමන්ත්‍රණයක් පවතිනවාදැයි යන්න බලා ගත හැක්කේ ඉදිරියේදී බව දේශපාලන විචාරකයෝ පවසති.