ශ්‍රී ලංකාවට එක මතයක් සහ විදේශයන්ට ගොස් ඊට හාත්පසින්ම වෙනස් තවත් මතයක් දෙසාබාන ශ්‍රී ලංකාවේ වංචනික රාජපක්ෂ රෙජීමය ඊයේ ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් සමග සාකච්ඡාවේදී ද ඒ සන්තෑසියම සිදුකර තිබේ.
මාර්තු මාසයේදී ජිනීවා නුවරදී ඇමරිකානු යෝජනාව සම්මත වනවාත් සමගම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවට දන්වා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඇමරිකාවට පැමිණ දැනුම් දෙන ලෙසයි. ඒ සමගම විදේශ ඇමැති ජී ඇල් පස්පඩංගුවේ දිවුරමින් කීවේ ශ්‍රී ලංකාව ජිනීවා යෝජනා ක්‍රියාත්මක නොකරන බවයි. ජිනීවා යෝජනා වලින් කීවේ ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි්රියාක්මක කරන ලෙසයි. එනම් විදේශ ඇමැති සහ රෙජීමයේ ලොක්කන් දිව්රා ලංකාවේ දී කීවේ උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව නොවේද?
පෙර කී ඇමරිකානු දැනුම් දීම අනුව
පෙරේදා (18) උදෑසන වොෂින්ටන්යේදී රෙජීමයේ විදේශ ඇමැති හිලරි ක්ලින්ටන් හමුවිය.මාර්තු මාසයේදී ජිනීවා නුවරදී ඇමරිකානු යෝජනාව සම්මත වනවාත් සමගම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවට දන්වා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඇමරිකාවට පැමිණ දැනුම් දෙන ලෙසයි. ඒ සමගම විදේශ ඇමැති ජී ඇල් පස්පඩංගුවේ දිවුරමින් කීවේ ශ්‍රී ලංකාව ජිනීවා යෝජනා ක්‍රියාත්මක නොකරන බවයි. ජිනීවා යෝජනා වලින් කීවේ ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි්රියාක්මක කරන ලෙසයි. එනම් විදේශ ඇමැති සහ රෙජීමයේ ලොක්කන් දිව්රා ලංකාවේ දී කීවේ උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව නොවේද?
පෙර කී ඇමරිකානු දැනුම් දීම අනුව
එම සාකච්ඡාවට ප්‍රථම හොඳ නම දිනා ගැනීම සඳහා ඇමරිකාව දේශපාලන සිරකරුවෙකු ලෙස නම් කර වහාම නිදහස් කරන්නැයි කරන ලද බල කිරීම මත ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවට නිල ප්‍රචාරයක් ද ආණ්ඩුව කෙළේය. නමුත් ඊට පැය කිහිපයකට පෙර කැබිනට් ප්රකාශකයාගේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ කැබිනට් මණ්ඩලයේදී ෆොන්සේකා නිදහස් කිරීමක් ගැන සාකච්ඡා නොවූ බවයි. මාධ්‍ය විසින් ද එය තහවුරු කර තිබිණ. එසේ තිබියදී රෙජීමය නිවේදනය කෙළේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවකි. (ලංකාවේ නීතිය අනුව සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවේ.)
කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් වරිය හමුවූ රෙජීමයේ විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් ඇය වෙත පැවසූවේ ලංකාවේදී දිව්රා කී දේ නොවේ. එහිදී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය ගැන ගැඹුරු සහ විස්තරාත්මක වැඩ පිලිවෙලක් සහිත ලියැවිල්ලක් ශ්‍රී ලංකාවේ විදේශ ඇමැතිවරයා හිලරි ක්ලින්ටන් වෙත බාර දුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ඩ් පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ එය හොඳ සැලැස්මක් බවයි.
රෙජීමයේ මෙම ද්විත්ව චරිත රංගනය කොතෙක්දැයි කිවහොත් මෙම ලියැවිල්ල ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තබා කැබිනට් මණ්ඩලයට හෝ පෙන්වූයේ නැත. එය කෙලින්ම පෙන්වූයේ ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් ට ය.
මේ අතර ඉරාණයෙන් තෙල් නොගන්නැයි ඇමරිකාව ශ්‍රී ලංකාවට අවවාද කළ බවද විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් තෙල් ලබා ගැනීම සඳහා අද රාත්‍රී ශ්‍රී ලංකාවේ රෙජීමාධිපතිවරයා කටාර් රාජ්‍ය වෙත යෑමට නියමිත ය.