Chitika Smowtion 468x60


Wednesday, May 9, 2012

අත්තනගල්ලෙන් මතුවූ මෝහිණී ගැන ඇත්ත කතාව


අත්තනගල්ලේ බොනෑගල නම් ගම්මානයෙන් මතුවූ මෝහිණී පිලිබඳ මෙයට පෙර ලිපියකින් අප හෙළිදරව් කළා.

එහිදී එම ලිපිය කියවූ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි මෙම සිදුවීම පිලිබඳ එහි ප්‍රදේශවාසින්ගෙන් කරුණු දැනගැනීමට හැකි වුවා.

මෙහි පලවන්නේ එහි ප්‍රදේශවාසීන්ගෙන් අප සොයාගත් තොරතුරුය. මාධ්‍යය මගින් වසන් කල ඇතැම් තොරතුරු මෙමගින් හෙළිදරව් වන අතර ජිවත්වන හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

මෙම ගමෙහි සුදු ඇඳගත් කාන්තාවක් පිලිබඳ බියක් ඇතිවන්නේ එක්තරා  සිද්ධියක් මුල්කරගනිමින්ය.

එනම් පිලංකඩ නම් ප්‍රදේශයේදී එක පුද්ගලයෙකු මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නාවිට රාත්‍රියේදී කාන්තාවක් මෝටර් බයිසිකලයට අත දමා ඇත. ඇය සුදු පැහැයට හුරු ඇඳුමක් ඇඳ හිටි හෙයිනුත් එවන් පාලු ප්‍රදේශයක් කාන්තාවක අත දැමීම හේතුවෙනුත් එම පුද්ගලයා බියට පත්ව ඇත.

පසුව කල සොයා බැලීමකදී ඇය තරුණයන් කිහිපදෙනෙකු විසින් රාත්‍රියේදී එම ස්ථානයට ගෙනා කාන්තාවක් බව හදුනාගෙන ඇත.

දැන් අප හෙළිදරව් කිරීමට සුදානම් වන්නේ මෙම මෝහිනිගේ අවතාරය ගොඩ නැගුනු ආකාරයයි. එයට එම පරිසරයේ සාධකද මැනවින් ගැලපි තිබුණි.

එම අවතාරය දුටු පුද්ගලයන් අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුවත් එම ප්‍රදේශය හොදින් දන්නා පුද්ගලයෙක් දැනට එම ප්‍රදේශයේ ගොඩ නැගී ඇති කතාව අප වෙත විස්තර කලේ මෙලෙසිනි.

( ඉවත් කරන ලදී )
මෙම සිදුවීම පිටුපස ඇති කතාන්තරය දැනගැනීම ඔහුගේ විස්තරය අපට ප්‍රමාණවත් විය. එය ඕනෑම කෙනෙකු බියට පත්කිරීමට සෑහෙන බව අපගේ විශ්වාසයයි.

මීළඟට අප පල කෙරෙනුයේ මාධ්‍යය මගින් මෙම සිදුවීම ඇසින් දුටු අය විස්තර කල ආකාරයයි.

උපුල් වසන්ත - “එදා වෙලාව රෑ එකොලහමාරට විතර ඇති මං බයික් එකේ ගෙවල් පැත්තට එන කොට දැක්කා ගොරකදෙණිය හන්දියෙ බස් හෝල්ට් එකේ රතු බ්ලවුස් එකකුයි කළු සායකුයි ඇඳපු ගෑනු ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙලා ඉන්නවා. ඒත් මම කල්පනා කළා මේ වගේ වෙලාවක මෙතන තනියම ගෑනු ළමයෙක් ඉන්න විදිහක් නෑනේ කියලා. 

එහෙම හිතපු මම බයික් එක ආපහු හරවලා බලන කොට ඒ ළමයා අතුරුදන් වෙලා . ඒ වෙලාවේ මගේ හිතට ලොකු තිගැස්මක් ඇතිවුණා. නමුත් මම හිත ශක්තිමත් කරගෙන කෙලින්ම ගෙදර ආවා".

කෙසේවෙතත් මෙම අත්දැකීමට මුහුණ පා සිටින අනෙක් පුද්ගලයාගේ නමද උපුල් වසන්ත ය.මේ ඔහු පවසන සිද්ධිය

දෙවැනි උපුල් වසන්ත - “පහුගිය අප්‍රියෙල් දොළොස්වෙනිදා අඹගස්-පිටියේ යාළුවකු ගේ පුංචි පාටියක් තිබුණා. වැඩේ ඉවර වෙන කොට කොහොමත් පාන්දර තුනත් පසු-වුණා. මම තවත් යාළුවෙකුත් එක්ක වෑන් එකෙන් ගෙදර එන්න ඇවිත් ඒ යාළුවව අතන සපත්තු වැඩ ‍පොළ ළඟින් බැස්සුවා. 

ඊළඟට ගෙදර එන්න හැරෙන කොටම මං දැක්කා ඔය කියන ගෑනු ළමයා පාර අයිනේ ඉඳලා එක පාරටම වාහනේට අත දානවා. මේක දැක්කා විතරයි මට තරු විසිවුණා. මමත් මොකද කරන්නේ පුළුවන් තරම් ඉක්මනට වාහනේ පිකප් කරගෙන ටික දුරක් ඇවිත් පස්ස බලන කොට මෙන්න ඒ ළමයා වෑන් එකේ පිටිපස්සේ දවෛනි සීට් එකේ ඉන්නවා. ඒ වෙලාවේ මම කෑ ගහන්න හැදුවත් බයටම කෑ ගැහුණේ නෑ. නමුත් වාහනේ ගේ ඉස්සරහට ඇවිත් නවත්වන කොට කෑ ගැහුණා. ගෙදර කට්ටිය දුවගෙන ඇවිත් තමයි මාව වෑන් එකෙන් එළියට ගත්තේ."

ත්‍රිරෝද රථ රියැදුරා - “එදා මම වාරණ ඉඳලා බෝනගලට හයර් එකක් ගිහින් කොස්හේන පැත්තට එමින් හිටියා. වෙලාව රෑ දහයමාරට විතර ඇති. බෝනගල පාර අයිනේ තියන නාන ළිඳක් ළඟ හිටපු ගෑනු කෙනෙක් එක පාරටම දිය රෙද්ද පිටින්ම පාරට දුවගෙන ඇවිත් මගේ වාහනේට අත ඇල්ලුවා.

එතකොටම මට තේරුණා මේ නම් මනුස්සයෙක් වෙන්න බැහැ කියලා. මම පුළුවන් තරම් වේගෙන් වාහනේ එළවන්න පටන් ගත්තා ඒ එක්කම මම පිටිපස්ස හැරිලා බලන කොට මෙන්න එයා වාහනේ ඇතු‍ලේ ඉඳගෙන මගේ උරහිස්සට පාරක් ගැහුවා. මට එතකොටම බයවෙලා අත ගස්සලා බලනකොට එයා අතුරුදන් වෙලා. ඊට පස්සේ මාත් තෝන්තු වෙලා වගේ ගෙදර ඇවිත් බලන කොට ඒ පැත්ත නිල්වෙලා තිබුණා පස්සේ ටිකෙන් ටික ඒ ගතිය අඩුවෙලා ගියා.

( ඉවත් කරන ලදී )

ඒ අනුව ඔබට මේ පිටුපස ඇති සිදුවීම පැහැදිලි වී ඇතයි සිතමි.පිලන්කඩදී දුටු කාන්තාවගේ ගිනි සිළුව මුළු ගමක් ගිනිබත් කිරීමට සමත්විය.මෝහිනිගේ කතාවත් සමග එම ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස මිය ගිය කාන්තාවගේ නමද ඇතුලත් කොට වඩාත් බියකරු ලෙස ගම පුරාම පැතිරී ඇත.

එවන් තත්වයක් උඩදී රාත්‍රියේදී බොහෝ පුද්ගලයන් "මනෝ බ්‍රාන්තියට" ලක්වීම අරුමයක් නොවේ.එම කාන්තාව දැන හිටි පුද්ගලයින් මෝහිණී දැක ඇත්තේ එම කාන්තාවගේ හැඩහුරුවටය.

එම කාන්තාව නොදත් පිරිස ඇය දැක ඇත්තේ මැදිවියේ කාන්තාවක් ලෙසිනි.එම ප්‍රදේශයේ සිදුවන ඇතැම් අපචාර ක්‍රියාවන් සිදු කිරීම සඳහා මෙවන් ප්‍රචාරයක් පතුරා ඇති බවද අප වෙත වාර්තා විය.

වත්මන් තත්වය අනුව හවස හයට වෙළඳසල් වසන අතර ඉන්පසුව එම ප්‍රදේශයේ කිසිවකු එලියට බසිමටද බිය වෙති.අපචාරකරුවන්ට නිදහසේ සිය ක්‍රියා කරගෙන යාමට එය මහත් රුකුලක් වනු ඇත.

මෙයට කලින් මතුවූ ග්‍රීස් යකාගේ සිදුවීමද මෙයට යම් තාක් දුරට සමාන සිදුවීමකි.ග්‍රීස් යකා මෙන්ම කාලයාගේ අවෑමෙන් මෙම සිදුවීම යටපත් වනු ඇතයි අපගේ විශ්වාසයයි.








Source: http://www.gossip9.com/2012/05/blog-post_8080.html#ixzz1uOEEA9IF

Share this article with your friends