Chitika Smowtion 468x60


Wednesday, May 9, 2012

කොරියාවේදී ගින්නට හසු වූ මිතුරන් තිදෙනා


තිලංග සශික සම්පත් ජයසූරිය

හසලක වේරගංතොට, පාලම හන්දියේ තිලංග සශික සම්පත් ජයසූරිය මේ අනතුරින් මියගිය එක් අයෙක් ඔහු විවාහක අයෙකු වන අතර වයස 24 ක තරුණයෙක් .

රැකියාව සඳහා දකුණු කොරියාවට ගොස් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඔහු රැකියාව සඳහා ගොස් ඇත්තේ 2010/07/21 වන දිනයි .

ඔහු විවාහ දිවියට ඇතුළත්ව ඉතා සුළු කලෙකින් එතෙර රැකියාව සඳහා පිටව ගොස් ඇත්තේ තම කැදැල්ල ශක්තිමත් කිරීමටත්, තමන්ගේ මාපියන් හට සැලකීමටත් බව මිය ගිය සශිකගේ බිරිය වන චතුරිකා සිල්වා (23) මහත්මිය පැවසුවා.

ඇය දැනට පෞද්ගලික වෙළෙඳ ආයතනයක රැකියාවක නියුතුව සිටී. මේ පුංචි කැදැල්ලට වරක් දරුවකුගේ බලාපොරොත්තු ඇති වූ බවත් එය ටික කලෙකින් නැතිවූ බව ඇගේ මාපියෝ පැවසූහ. කෙසේ වෙතත් දැන් බිරිද තනිවී හමාර ය.

මිය ගිය සශිකගේ පියා ලංගම රියැදුරෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින වයස 56 ක් වන එස්. එම්. බණ්ඩාරනායක. මව සීලවතී කුමාරිහාමි (54) සහ වැඩිමහල් සොහොයුරිය තිළිණි නිලංකා ජයසූරිය(26)මිය ගිය සශික පවුලේ දෙවන සාමාජිකයා වන අතර පවුලේ එකම පිරිමි දරුවා වේ.

සශිකගේ මාපියන් රජයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ මෘත දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනත් දෙන ලෙසයි.

පසුගිය අප්‍රේල් මස 29 වන දින ගිය විනෝද චාරිකාවකදී ශෂික අවසාන වරට ගත් ජායාරූපය




ගැමුණු ධනුෂ්ක

පලන්නොරුව මහා විද්‍යාලයෙන් අ. පො. ස. උ. පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලද ගැමුණු ද අවාසනාවන්ත ලෙස සිද්ධියෙන් මියගියා.

විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වන ජේ. ඒ. ගාමිණී ජයකොඩි මහතාටත් රම්‍යලතා සූරියආරච්චි මහත්මියටත් සිටි දරුවන් තිදෙනාගෙන් බාලයා ගැමුණු යි .

අම්මාගේත්, තාත්තාගේත් සුරතලය විඳිමින් හැදී වැඩුනු ධනුෂ්ක පාසල් අධ්‍යාපනයෙන් පසුව කාර්මික පාඨමාලා කීපයක් හදාරමින් තම සුදුසුකම් වැඩිදියුණු කර ගැනීමට උත්සාහ කළේ සුදුසු රැකියාවකට යොමු වීමටයි .

අම්මාට බෙහෙවින් ආදරය කළ ගැමුණූ ඉතාලියේ රැකියාවකට යොමු වූයේ තම දෙමාපියන්ට ඉසුරුබර දිවියක් ළඟාකර දීමට හැකි වේයයි සිතා වුවත් ඔහුගේ ඒ බලාපොරොත්තු ගඟට කැපූ ඉනි බවට පත්කරමින් ඔහුට අපේක්‍ෂා කළ රැකියාව නොලැබී ගිය බැවින් මාස 06ක් වැනි කාලයකින් නැවත ලංකාවට පැමිණීමට සිදුවූයේ හිස් අතිනි .

නැවතත් මාස 06කට පසුව ගැමුණුට රජය මගින් පැවැත්වූ කොරියන් භාෂා තරග විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාවූයේ විදේශ රැකියාවකට ඔහු තුළ තිබූ ආසාව ඉටුකරමිනි.

ඉගෙනීමට දක්‍ෂයෙකු වූ ගැමුණු පෙනී සිටි කොරියන් භාෂා විභාගයෙන් ද ඉතා විශිෂ්ඨ අන්දමින් සමත්ව සුදුසුකම් ලැබූවේ ද. කොරියාවේ හයිහොන්ඩායි සමාගමේ රැකියාවකට හිමිකම් ලබමිනි.

ගැමුණු විදේශගතව ගතවූ අවු: 1 මාස 7ක් පමණ වන කාලය පුරා දිනපතාම මවටත් පියාටත් කතාකොට පැවසුවේ තමන් හොඳ සතුටින් සිටින බවත් ඔවුන් නිසා මෙම රැකියාව තෝරාගත් බවත්ය.

ලබන මාසයේ ලංකාවට පැමිණීමට අදහස් කර සිටි ගැමුණුට සිදුවූයේ තම දෙමාපියන් නෑදෑයන් සියල්ලන්ගෙන්ම සමුගෙන යෑමටය.

ගැමුණු අවසාන වරට ගත් ජායාරූපය






ගයාන් චාමර

මොරවක ගයාන් චාමර පිළිස්සී මියගිය අනෙක් තරුණයායි. 1984 ජනවාරි 17 දින උපත ලද මොහුගේ පියා කළුආරච්චි කංකානම්ගේ චන්ද්‍රපාල අත්තනායකය. මව ගීතරාණි දිසානායකය. මාතර සාන්ත සර්වේසස් විදුහලේ මූලික අධ්‍යාපනය ලත් හෙතෙම දෙවන වරට ඇතුළත්වූයේ මොරවක කණිටු විදුහලටය.

එහිදී පහේ ශිෂ්‍යත්වය සමත්වූ ගයාන් චාමර මාතර රාහුල ජාතික පාසලට ඇතුළත් විය.උසස් පෙළ වානිජ අංශයෙන් ඉගෙනුම ලද ගයාන් චාමර කොළඹ හා මහනුවර පළාත්වල රැකියාවක නිරතවී ඇත.

ඉන් අනතුරුව රජය මගින් පැවැත්වූ කොරියන් භාෂා විභාගයෙන් සමත්වූ හෙතෙම ඒ අනුව රැකියාවට ගියේ ඉකුත් ඔක්තෝම්බර් 04 දිනය.කොරියාවේ සමාගමක පරිගණක ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු දිනපතාම පාහේ දුරකථනයෙන් මාපියන් හා පවුලේ ඥාතීන් ඇමතීම පුරුද්දක් කර ගෙන තිබුණි.

සිද්ධිය වීමට පැය කිහිපයකට පෙර හෙතෙම දුරකථනයෙන් පවුලේ උදවිය ඇමතීමට අමතක නොකළේය.මාසිකව මුදල් එවූ හෙතෙම සිය ආච්චී දඹදිව යැවීමටද කටයුතු කර ඇත.ප්‍රදේශයේ ආගමික හා සමාජසේවා කටයුතුවල පෙරමුණ ගෙන ක්‍රියාකළ ගයාන් මේ අනුවේදනීය ඛේදවාචකයට මුසුවීමේ සිද්ධිය ගම් පළාතටම කණගාටුදායක සිද්ධියක් වී ඇත.

ගයාන් චාමරගේ දේහය හැකිතරම් විගසින් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස පවුලේ උදවිය විශේෂ ඉල්ලීමක් කරයි.
07 දින පෙරවරුවේ නිවසට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද රජය වෙනුවෙන් දේහය ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව සඳහන් කළේය.












Source: http://www.gossip9.com/2012/05/blog-post_5543.html#ixzz1uO99xpS8

Share this article with your friends