Chitika Smowtion 468x60


Wednesday, May 9, 2012

NSB මගඩිය අගවිනිසුරු මෙල්ල කිරීමේ කුමන්ත‍්‍රණයක් !


ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව හැඟවීමට ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික මාධ්‍ය කිහිපයක් බලවත් උත්සාහයක් දැරූවද, එය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත සිදු වූ දේශපාලන කුමන්ත‍්‍රණයක් බව අප අවධාරණය කර සිටිමු.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙල්ල කර තබා ගැනීම මෙම කුමන්ත‍්‍රණයේ මූලික ඉලක්කය වී තිබේ. අගවිනිසුරුවරිය රාජපක්‍ෂවරුන්ගේ අතකොළුවක් ලෙස පසුගිය කාලය තුළ ප‍්‍රසිද්ධියේම කටයුතු කළේය. එහෙත්, රට තුළ නීතිය කෙරෙහි විශ්වාසය දිනෙන් දින පළුඳු වෙමින් පවතින බැවින්, අධිකරණය කෙරෙහි යළිත් විශ්වාසයක් ඇති වන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු ඇය වෙත පසුගියදා අවධාරණය කර තිබේ.
චන්ද්‍රා ඒකනායක, එස්.අයි. ඉමාම්, පි‍්‍රයශාන්ත ඩෙප්, කේ. ශී‍්‍රපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අගවිනිසුරුවරිය හමුවී අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත. ඒ අනුව, ආණ්ඩුවට සම්බන්ධ නඩු විභාගවලදී අධිකරණයෙන් සාධාරණය හා යුක්තියක් ඉටු වන බව හැඟවෙන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද ඔවුන් සාකච්ඡුා කර තිබේ.
කෙසේ වුවද, මෙම සාකච්ඡුාවේ තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇති අතර, අගවිනිසුරුවරිය පීලි පැනීමට සූදානම් වෙතැයි සැක කළ ජනාධිපතිවරයා, ඇය මෙල්ල කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වන ප‍්‍රදීප් කාරියවසම් මහතා අයථා ගනුදෙනුවකට පැටලීමට සැලසුම් කළ බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ඒ අනුව, මෙම කුමන්ත‍්‍රණයේ මූලික කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂවරයෙකු වන ජනාධිපති ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස මහතා වෙත පවරා ඇති ජනාධිපතිවරයා, රාජපක්‍ෂවරුන්ගේ සමීපතම හිතවතෙකු වන හිරු ගුවන් විදුලි නාලිකාවේ අධිපති රේනෝද සිල්වා මහතාද මෙම මෙහෙයුමට දායක කරගෙන තිබේ. ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදී ගනු ලැබුවේ රේනෝද සිල්වා මහතාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස්ය.
මෙම කොටස් මිලදී ගැනීමේ මෙහෙයුමට දින කිහිපයකට පෙර ඊට බාධාකාරීව තිබූ නියෝග කිහිපයක් අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා ‘සුරැකුම්පත් හා විනිමය කොමිසමේ’ සභාපති තිලක් කරුණාරත්න මහතාටද නියෝග කර ඇත.
මෙම කොටස් මිලදී ගැනීමේ ගණුදෙනුවට ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා පොළඹවා ගැනීමට ජනාධිපති ජ්‍යෙතිෂ්‍ය උපදේශක සුමනදාස මහතා විශාල කාර්ය භාරයක් ඉටු කර තිබේ. මේ වනවිට මෙම කුමන්ත‍්‍රණයට අදාළ තොරතුරු රැුසක් ප‍්‍රදීප් කාරියවසම් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වාර්තා වී ඇති අතර, මෙවැනි පාවාදීම් හමුවේ තවදුරටත් සභාපති ධූරයේ රැුදී නොසිට ඉවත් වන ලෙස ඔවුන් ප‍්‍රදීප් කාරියවසම් මහතාගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තාවේ.
2011 මැයි 18 වන දින අගවිනිසුරු ධූරයේ දිවුරුම් දුන් ශිරානි බණ්ඩාරනායක මහත්මියට එකී ධූරයේ තවත් වසර 09 ක් අඛණ්ඩව කටයුතු කිරීමේ අවස්ථාව ව්‍යවස්ථානුකූලව හිමිව තිබේ. ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුවට අදාළ අතිශයින් වැදගත් තීන්දු ලබාදීමේ හැකියාව ඇයට නිතැතින්ම හිමිවනු ඇත.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක් වූ අධිකරණ ක්‍ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවේදියෙකු කියා සිටියේ, ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ පැවැති අවනීතියට එරෙහිව එවකට අගවිනිසුරුවරයාව සිටි නෙවිල් සමරක්කෝන් මහතා කටයුතු කළා සේම, ශිරානි බණ්ඩාරනායක මහත්මියටද කටයුතු කිරීමේ හැකියාව සහ බුද්ධිය ඇති බවයි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය, නෙවිල් සමරකෝන් මහතා අනුගමනය කරනු ඇතැයි අධිකරණයේ ස්වාධීනත්වය අගයන සියලූ නීතීඥයින්ගේ හා විනිසුරුවන්ගේද ප‍්‍රාර්ථනය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Source - lankanewsweb.com

Share this article with your friends