Chitika Smowtion 468x60


Saturday, May 12, 2012

රාජපක්ෂ නිදන් හොරුන්ගේ මහවිලච්චිය මෙහෙයුමේ සත්‍ය කතාව


ප්‍රශ්න ගැන පොලිස්පතිගේ මුඛ පූට්ටු:
බයගෝතා රණවිරුවන් නිධන් හොරුන් කල හැටි.


පසුගිය මැයි 01 දා රාත්‍රී එස්.ටී.එෆ්. භටයන් නිධන් හෑරීමට ගොස් අතටම හසුවීමෙන් පසුව ඊට සතියකට පසු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සුරංගනා කතාවක් කීවේය. එසේ කියමින් තමා එස්ටීඑෆ් භටයන් යැවූ බවට වගකීම බාර ගත්තේ ය. ඔහුගේ එම නිවේදනය අනුව පැන නගින ප්‍රශ්න කිහිපයක් 
අප ඉදිරිපත් කළ අතර තවත් මාධ්‍යයද එම ප්‍රශ්නම නඟා තිබිණ. දින දෙකක් පසු වුවද අද (10) දක්වා පොලිස්පතිවරයා එම ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ ය. 

කෙසේ වෙතත් සිදුවූ සත්‍ය සිදුවීම ගැන 
අප වෙත මේ වන විට සම්පූර්ණ තොරතුරු ලැබී තිබේ. පොලිස්පති සත්‍යය නොකියන බැවින් අප මෙසේ හෙලිකරමු.

එස්ටීඑෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය බලකායට අණ දීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නැත. ඔහු වගකීම බාරගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ බල කිරීමට ය. එදින මැයි 01 දා මහවිලච්චිය නිදන් හෑරීමට අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය නම් රාජපක්ෂ නිදන් හොරු කණ්ඩායමේ බාලයා විසිනි.

ගෝඨාභයගේ මෙම අණ දීම එස්ටීඑෆ් අණදෙන නිලධාරී කොමඩාන් නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්.එම්.සී. රණවන මහතා හෝ දන්නේ නැත.

ගෝනහේන එස්.ටී.එෆ්. කඳවුරේ සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි වෙත ගෝඨාභයගේ අණ ලැබුණේ මහවිලච්චිය සිවලාපිටිය වැව් තාවුල්ලේ ඇතැයි කියන නිධානය ගැනීමට ය. ඒ සඳහා මග පෙන්වන්නන් ද කට්ටඩියන් ද ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් නිදන් හොරා ය.

කණගාටුවට කාරණයක් නම් වී.වී.අයි.පී. පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් පවා ලබා සිටින හෙට්ටිආරච්චි වැන්නෙක් නිදන් හොරකමේ යෑමට තරම් පහත් තත්ත්වයට වැටීමය.

තම කොමඩාන්ට හෝ වෙනත් කිසිවෙකුට මේ ගැන නොදන්වන ලෙසත් තමාට හිතවත්ම කණ්ඩායමක් රැගෙන ගොස් නිධානය ලබා ගන්නා ලෙසත් ගෝඨාභය හෙට්ටිආරච්චිට දුන් උපදෙස විය. ඊට අවශ්‍ය බැකෝ යන්ත්‍ර උතුරු මැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක විසින් සපයනු ඇති බවත් ඔහුගෙන් ඒවා ලබා ගන්නා ලෙසත් පවසා තිබේ. මේ අනුව එස්ටීඑෆ් සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි, අයිපී ලා 2 ක්, එස්අයි ලා 2 ක් ඇතුළු එස්ටීඑෆ් සෙබලූන් 39 ක් සමග ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ සිට සිවලාපිටිය නිදන් මෙහෙයුමට පැමිණියේ ය. ගෝඨාභය කී ආකාරයටම බර්ටි ප්‍රේමලාල් බැකෝ යන්ත්‍ර දෙකක් රියැදුරන් ද සමග සැපයීය.

ඊට පෙර දින සිට මොව්හු ඔයාමඩුව රජයේ ගොවිපොලේ රජයේ නිල නිවාසයට වී නිදන් සොරකම සැලසුම් කෙළෝය.

එදින සිදුවූ සියල්ල මේ වන විට මාධ්‍ය විසින් හෙළි කර ඇති බැවින් යලිත් ඒ සියල්ල මෙහි ලිවීමට අවශ්‍ය නොවේ.

පසුදින උදයේ ජනතාව විසින් කැරලි ගැසීම හේතුවෙන් කර කියා ගත දෙයක් නොවූ තැන ඒ.එස්.පී හෙට්ටිආරච්චි තම කොමඩාන් වූ රණවන මහතාට සිද්ධිය දැනුම් දෙන තුරු ඔහු මේ කිසිවක් දැන සිට නැත. උදේ හෙට්ටිආරච්චි අමාරුවේ වැටී රණවන මහතාට පවසද්දී ඔහු සිට ඇත්තේ කොළඹ එස්ටීඑෆ් මූලස්ථානයේ ය.

නිදන් සොරකම අතේ පත්තු වීමෙන් පසුව සෙබළුන් 39 දෙනා සමග හෙට්ටිආරච්චි ලාවුළු කෑ රිලවුන් සේ මේ වන විට ගෝනහේන එස්ටීඑෆ් කඳවුරට වී සිටිති.

පොලිස්පති ඉලංගකෝන්ගේ සුරංගනා කතාවෙන් කියන පරිදි පොලිස් මූලස්ථානයට පැමිණි පුද්ගලයෙකු මෙවැන්නක් ගැන කීවා නම් ඒ ගැන සටහනක් පොලිස් මූලස්ථානයේ තිබිය යුතුය. අඩුම ගණනේ පොලිස් මූලස්ථානයේ පිලිගැනීමේ කවුන්ටරයෙන් visitor කෙනෙක් වෙත තාවකාලිකව නිකුත් කරන ඉංග්‍රීසි V අකුර සඳහන් තාවකාලික හැඳුනුම් පත හෝ නිකුත් කර තිබිය යුතුය. ඒ සෑම දෙයක්ම පොලිස් මූලස්ථානයේ වාර්තා ගතවේ. එවැනි වාර්තාවක් පොලිස් මූලස්ථානයේ නැත. එවැන්නක් තිබේනම් හැකිනම් ඉදිරිපත්කරන ලෙස අප පොලිස්පති වරයාට අභියෝග කරමු. පොලිස්පතිවීමට පෙර තමා වසර 11 ක් තිස්සේ සේවය කළ එස්ටීඑෆ් බලකායට තමා පොලිස්පති වූ පසු ගෙන දුන් මහා විශාල අවනම්බුව ගැන ඉලංගකෝන් මහතා ලැජ්ජා විය යුතුය.

නිධන් හෑරීම නීති විරෝධීය. නිදන් සොරුන් අතට අල්ලා දුන් පසුවද පොලිසිය නීතිය ක්‍රියාත්මක කෙළේ නැත. එසේ නොවුනේ ඇයි දැයි දැන් මහජනතාව තේරුම් ගත යුතුය. රාජපක්ෂ නිදන් හොරුන් අත අද පවතින නීතිය යළි මහජනතාව අතට පත්වන දිනය මහා ඈතක නොවේ. අද බොරු කියමින් අපරාධ කරුවන් සඟවන පොලිස්පතිවරයා ඇතුළු මෙම මහා දවල් සිදුකළ නින්දිත සොරකමට සම්බන්ධ සියළු දෙනාට එදිනට ද~ුවම් ලබා දිය යුතුය.

පසු සටහන:--------------------------------------------------
මේ සම්බන්ධ අප පාඨකයන්ට වැඩි දුර විමසීම් අවශ්‍යනම් එස්ටීඑෆ් කොමඩාන් ඩීඅයිජී රණවන මහතාගේ දුරකථන අංකය - 011 2588460
ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ දුරකථන අංකය - 011 2925406

Share this article with your friends