අධෝ මුඛයෙන් පවා සිනහා යන සිදුවීමක් ලබන 14 වෙනිදා වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.
ඒ 'ගෝඨාගේ යුද්ධය' හෙවත් Gotha's War නමින් ඉංගිරිසි භාෂාවෙන් ලියූ පොතක් එළි දැක්වීමයි.
කොග්වීල් බුද්ධිමතෙකු යැයි තමා විසින් කියාගනිමින් 'දි අයිලන්ඩ්' පුවත්පතේ අකුරු කරණා සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙහි කතුවරයා ය. 88-89 කාලයේ 'තඩි ප්‍රියන්ත' නමින් 'ප්‍රා' නමැති මිනීමරු අතුරු හමුදා කල්ලිය මෙහෙයැවූයේ මොහුගේ නායකත්වයෙනි. ඔහු මැරූ මිනිසුන් වෙනුවෙන් අද දක්වා නඩු නැත. උසාවි නැත.
ගෝඨාභය රාජපක්ෂ 1990 දී සුදුසු ශරීර සෞඛ්‍යය නැතැයි කියා නැතහොත් 'මෙඩිකල් කොන්ඩෙම්' යැයි හොරට පෙන්වා යුද හමුදාවෙන් ඉවත්ව ඇමරිකාවට පැන ගියේ යුද්ධයට බියේ ය. තහවුරු නොවන ආරංචි මාර්ග පවසන්නේ මොහු මෙඩිකල් කොන්ඩෙම් යයි කියා පෙන්වා ඇත්තේ මානසික රෝගී තත්ත්වයක් තිඛෙන බවට වෛද්‍ය සහතිකයකි. මේ වන විට එම සහතිකය අදාල ෆයිල් වලින් ඉවත් කර විනාශ කර තිබේ.
යුද්ධයට බියේ ගිය බව නම් අප වෙත ස්ථීරවම තහවුරු වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් ඉවත්ව ඇමරිකාවට යෑම වෙනුවෙන් පාටියක් දැම්මේ ය. එහිදී ඔහු ප්‍රසිද්ධියේ මිතුරන්ට පවසා සිටියේ "දැන් දැන් යුද්ධය එන පොට හොඳ නෑ. දැන් ලෙෆ්ටිනන්ට් ල මැරෙන ගානට ඇවිල්ල තියෙන්නෙ. ලඟදීම මේජර්ල කර්නල්ලත් මැරෙන ගානට එනව ඒකයි මම අයින් වුනේ" කියා ය. හමුදාවෙන් ඉවත් වන විට ගෝඨාභය කර්නල් තනතුර දැරුවේය. එම කතාවෙන් ගෝඨාභය යුද්ධයට බියේ පැන ගිය බව ස්ථීර වේ.
එලෙස බියේ පැන ගිය ගෝඨාභය වසර 15 ක්ම යන තුරු, අයියා ජනාධිපති පදවියට තරඟ කරන තුරු, ලංකාවට එනවා තබා ලංකාව දෙස බලා නිදාගත්තේ වත් නැත. අඩුම ගණනේ අයියා අගමැති කම ලැබූවද ලංකාවට ආවේ නැත. එකල ඒ ගැන ඔහුගේ ඇමරිකාවේ මිතුරෙක් විමසූ විට පවසා ඇත්තේ ලංකාවේ අගමැති කම කියන්නේ පියුන් කමක් වැනි තනතුරක් කියා ය.
අයියා ජනාධිපතිවීමෙන් පසු මල්ලී ආරක්ෂක ලේකම් විය. රාජ්‍ය පරිපාලනය ගැන කිසිදු දැනීමක් නැති යුද විද්‍යාව ගැන කිසිදු ඉහල අධ්‍යාපනයක් නැති ගෝඨාභය අයියාගේ පිහිටෙන් තනතුරේ රැෙඳන්නේ ය. හරියට අමාත්‍යාංශ ලේකම් ධූරයක් දරන්නේ නම් ඔහු රාජ්‍ය පරිපාලන විභාගය සමත් ජ්‍යෙෂ්ඨයෙකු විය යුතුය. රාජ්‍ය පරිපාලන විභාගයට වාඩි වීමට නම් ඔහුට මූලික උපාධියක් තිබිය යුතුය. මේ කිසිවක් ගෝඨාට නැත. ඔහු අවසන් වරට සමත් රජයේ විභාගය නම් අපොස සාමාන්‍ය පෙළය. යුද විද්‍යාව ගැනද ඉහල අධ්‍යාපනයක් නැත. ඔහු හමුදාවේ අවසන් වරට සමත් වූයේ කැප්ටන් තනතුරේ සිට මේජර් තනතුරට පත්වීමට අවශ්‍ය හමුදාවේ විභාගය පමණි. යුද හමුදාවේ යුද සැලසුම් ඇතුළු යුද විද්‍යාව ගැන ඉහල අධ්‍යාපනයක් ලැබීමට නම් අඩුම ගණනේ එම්බීසී විභාගය හෝ කළ යුතුය. ඒ සඳහා විදේශ අධ්‍යාපනයක් ලැබිය යුතු අතර විදෙස් ආයතන ඒ සඳහා ගන්නේ මේජර් ජෙනරාල් තනතුර හෝ ඊට ඉහල තනතුරු වල නිලධාරීන් ය. ගෝඨා එවැන්නක් ජීවිතයට හදාරා නැත.
ඇමැති මෛත්‍රීගේ වචනයෙන් කියන්නේ නම් මෙහෙව් ගෝඨා යුද්ධයේ කළ බම්බුවක් නැත. අයියාට පණිවුඩ ගෙන ගිය පයිංඩක්කාර වැඩේ නම් අපූරුවට කෙළේය. ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවන්හිදී ගොලූවා කසාය බිව්වා සේ සිටියදී ප්‍රධාන යුද සැලසුම් සියල්ල සිදුකෙළේ අද මොවුන් විසින් සිරගත කර ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා බව සී.ඒ. චන්ද්‍රප්‍රේම නම් කුලී මිනීමරුවා හැර අනෙක් සියල්ලෝම දනී. කොටින්ම කියන්නේ නම් ගෝඨාගේ හදවත පවා එය දනී.
මෙවැනි තත්ත්වයක් තුල 'ගෝඨාස් වෝ' නමින් පොත් එළියට එද්දී අධෝමුඛයෙන් සිනහා නොයන්නේ කාටද?
මෙහි ඇති තවත් විහිළුවක් නම් මේ පොත ගහගන්නේද ගෝඨා විසින්ම වීමයි. මෙහි ප්‍රකාශකයා වන්නේ රන්ජන් විෙජ්රත්න ආරක්ෂක ඇකඩමිය යි. එයද ආරක්ෂක අමාත්‍යාංශයේ ගෝඨාගේ යටතේම තිඛෙන ආයතනයකි. තමා ගැන බොරු තමා විසින්ම ප්‍රසිද්ධ කරගන්නා විට එදා මෙඩිකල් කන්ඩෙම් කරගන්නට ගෝඨා ඉදිරිපත් කළ වෛද්‍ය සහතිකය නිවැරදි සහතිකයක් විය හැකි යැයි ලෝකයාට සිතෙනු නොඅනුමාන ය.
ජෙනරාල් ෆොන්සේකා අනෙකුත් නිලධාරීන් සමග යුද සැලසුම් කරද්දී ගෝඨා පෙන්දා සේ පැත්තකින් ඔළුව දා සිටින මෙහි දැක්වෙන පින්තූරය 'ගෝඨාස් වෝ' ගැන කිව හැකි හොඳම සාක්කිය යි. නිදන් හොරකම් සැලසුම් කිරීමනම් ගෝඨාභය විසින් සිදුකරන බව පසුගියදා මහවිලච්චියේදී ඔප්පු විය.