විනිසුරුවරුන් විසින්ම අන්දරේගේ විහිළු කතා මණ්ඩපයක් බවට පත් කර ගෙන ඇති ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ආසන සංවිධායක, අයිටීඑන් මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දෙවන වරටත් පොලීසියට නියෝග කෙළේ ය.
ඊයේ මෙම විහිළු නියෝගය කෙළේ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යි.
ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව
පෙරේදා යළි (10) කැඳවූ අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කළාය.ඊයේ මෙම විහිළු නියෝගය කෙළේ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යි.
ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර වරෙන්තු නිකුත් කර තිබුනද ඒවා පයිසෙකටවත් ගණන් නොගන්නා රදලියගොඩ අධිකරණය හමුවේ පෙනී නොසිටිනවා පමණක් නොව පොලිසි වලටද යමින් එමින් උසස් නිලධාරීන් සමග කමින් බොමින් පී්රතිවෙමින් සිටී.
පොලීසිය අධිකරණය නොමග යවමින් ඊයේද කියා සිටියේ සුදර්මන් රදලියගොඩ පදිංචිව සිටි නිවසෙන් මේ වන විට අතුරුදන් වී ඇති බවයි.
රදලියගොඩ ප්‍රසිද්ධියේ අයිටීඑන් රූපවාහිනී නාලිකාවේ පෙනී සිටින අතර පසුගියදා ජනාධිපතිවරයා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාලියටද එක්ව සිටියේ ය.
රදලියගොඩ වැනි පහල ඝණයේ මරාවාදී හෙංචයියන්ටත් යටවෙමින් ශ්‍රී ලංකාවේ අධිකරණය සහ විනිසුරුවරුන් තමාටම අපහාස කරගනිමින් සිටීම කණගාටුදායක ය
මේ අතර වරෙන්තු කාර සුදර්මන් රදලියගොඩ මේ දිනවල මාධ්‍ය අමාත්‍යාංශයේ තවත් පිරිසක් සමග ප්‍රංශයේ චාරිකාවක නිරත වීමට නියමිතය. ඔවුන් මේ වෙනුවෙන් වීසා අයැදුම් කර ඇත්තේ නොබෝදා ය. ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධායනයක් විසින් පවත්වන රූප සුන්දරී තරඟයකට සහභාගී වීම සඳහා යැයි පවසා මෙසේ වීසා ඇයදුම් කර තිබේ. මේ හරහා රදලියගොඩ මිනිසුන් ප්‍රංශයට පැටවීමේ මිනිස් ජාවාරමක් ද සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ. මීට පෙරද රදලියගොඩ මිනිසුන් රට යවන බව පවසා මුදල් ලබා ගත් බව සනාත කරන වීඩියෝ පට යූ ටියුබයේ තවමත් තිබේ.