Chitika Smowtion 468x60


Saturday, June 23, 2012

ඇමතියෙක් සෙවණගල සීනි උස්සලා


සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සීනි මෙට්ටි‍්‍රක් ටොන් 600 ක් අතුරුදහන් වී ඇතැයි එහි සේවකයෝ පවසති. 2012 මැයි මස 19 වනදා සිට ජූනි 17 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද සීනිවලින් මෙම තොගය අතුරුදහන් වී තිබේ. ඉන් සිදු වී ඇති අලාභය රුපියල් මිලියන 54 ක් යැයි ගණන් බලා ඇත.
මැයි 19 වනදා සිට ජුනි 17 දක්වා කාලය තුළ උක් ටොන් 23,500 ක් සීනි නිෂ්පාදන කටයුතු සඳහා අඹරා තිබේ. උක් ටොන් එකකින් දළ වශයෙන් සීනි කිලෝ 90 ක් නිෂ්පාදනය කළ හැකිය. අඩුම සීනි ප‍්‍රතිශතයක් ඇති තත්ත්වයන් යටතේ පවා උක් ටොන් එකකින් අඩුම තරමින් සීනි කිලෝ 80 ත් - 85 ත් අතර ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවද සේවකයෝ පෙන්වා දෙති.
එහෙත්, මෙට්ටි‍්‍රක් ටොන් 23,500 ක් අඹරා නිෂ්පාදනය කළ සීනි ප‍්‍රමාණය ලෙස සටහන් කර ඇත්තේ ටොන් 1,018 ක් බව සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ වාර්තාවල සඳහන් වේ. මේ අනුව, සීනි මෙට්ටි‍්‍රක් ටොන් 600 ක් අතුරුදහන් වී තිබේ.
මෙම අතුරුදහන්වීම පිළිබඳව එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය, නැගෙනහිර පළාත් සභා විපක්‍ෂනායක දයා ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙහිදී පැහැදිලිවම දූෂණයක් සිදු වී ඇති බවත්, ඇමතිවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම කටයුත්ත සඳහා ඍජුවම සම්බන්ධවී ඇති බවත්ය.


Source - lankanewsweb.com

Share this article with your friends