Chitika Smowtion 468x60


Saturday, June 23, 2012

‘මාව ඝාතනය කළොත් ආණ්ඩුව වගකිව යුතුයි’ - කොළොන්නාව නගරාධිපති කියයි


තමාව පැහැරගෙන යාමේ උත්සාහය අසාර්ථකවීමෙන් පසුව, තමාව ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවත්, එලෙස තමාව ඝාතනය කළහොත් ආණ්ඩුව එයට මුළුමනින්ම වගකිව යුතු බවත් කොළොන්නාව නගරාධිපතිවරයා අවධාරණය කර සිටී. ‘ජනරළ’ පුවත්පත වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.
‘‘මාව පැහැරගෙන යන්න ආවාට පස්සේ මම ආරක්‍ෂක ලේකම්තුමා හම්බවෙන්න අවසර ඉල්ලූවත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. ජනාධිපතිතුමා හමුවෙන්න උත්සාහ කළා. ඒත් ලැබුණේ නැහැ. ආරක්‍ෂක අංශවලින් එන තොරතුරුවලට අනුව මගේ ජීවිතය බරපතළ අනතුරක තියෙන්නේ. ආරක්‍ෂක අංශවල හිතවතුන් තියෙනවා ඔයාගේ මල්ලිත් පැහැරගෙන ගිහින් ඝාතනය කරලා තියෙන්නේ, ඔයාවත් ඝාතනය කරන්නයි ඉන්නේ, ඒ නිසා පාරෙ යන්න එපා කියලා......
1969 ඉදලා පෙරමුණු ආණ්ඩුවලට කොළාන්නාව ආසනය දිනා ගන්න බැරි වුණා. ඒ තත්ත්වය වෙනස් කළේ මමයි. මේ ආසනය ආණ්ඩුවටම දිනලා දුන්නේ මමයි. ඒත් ආණ්ඩුව මට සලකන විදිය තමයි මේ.....
පැහැර ගැනීමට උත්සාහ කළාට පස්සේ මගේ ආරක්‍ෂාවට පොලිසියෙ හතර දෙනෙක් දුන්නා. ඉන් දෙදෙනෙක් දැන් ඉවත් කරලා. ඔවුන් දෙදෙනාත් ලබාදී තියෙන්නේ නිවසේ සිට සභාවට යන්න පමණයි’’ යනුවෙන් නගරාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.


Source - lankanewsweb.com

Share this article with your friends