Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

6%ක් අධ්‍යාපනයට ඉල්ලන සරසවි ඇදුරන්ගේ පාගමන


එස්.බී දිසානායක හා බන්ධුල ගුණවර්ධන යන ජාතියේ අවාසනාවට ජාතකවූ ඇමතිවරුන් දෙදෙනා විසින් හිතුවක්කාරකමට ගෙනයන ප්‍රතිපත්ති නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට ගමන් කරමින් තිබෙනවා.

මෙවන් පසුබිමක නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා සරසවි ඇදුරන් හා සරසවි ශිෂ්‍යයන් විසින් සංවිධානය කර තිබූ පාගමන් දෙක අද 4 වන දිනයේ කොළඹට ලඟාවීමට නියමිතයි.

සරසවි ඇදුරන් විසින් ගාල්ලේ සිට කොළඹ බලා පාගමනින් 
පැමිණි අතර විශ්ව විද්‍යාල සිසුන් කොළඹට පැමිණියේ පේරාදෙනියේ සිටයි.

එසේ පැමිනෙන අතරේ මුද්‍රණාලයක සිට පෝස්ටර් රැගෙන මෝටර් සයිකලයකින් පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙකු  හදිසි අනතුරකින් මියගියා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ මෙම අනතුර කිසියම් පිරිසක් විසින් ලුහු බඳිමින් කළ දෙයක් බවයි.

එම සිදුන් දෙදෙනා අනතුරට මුහුණපෑ ස්ථානයේ ඇති වෙනත් වාහනයක ටයර් පාරවල් නිසා එවැනි සැකයක් ඇතිවී තිබෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රධාන ඉල්ලීමක් වන වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම අය වැයක් ඉදිරිපත් කිරිමට නියමිත මේ අවස්ථාවේ කිසිදු ලෙසකින් ලබාදීමට නොහැකි බවයි.

මෙලෙස දිනපතා ඇදෙමින් යන විශ්ව විද්‍යාල ඇදුරන්ගේ වැඩවර්ජනය අවසන් කිරීම සඳහා මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහාය ලබාදීමට සූදානම් බව මහානායක හිමිවරුන් අද පැවසුවා.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මහානාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෙත යැවූ ලිපියක් මගින් ඒ බව දැනුම්දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මේ වන විට මාස 3කට අධික කාලයක් ගත වී ඇතත් ඊට මෙතෙක් විසඳුමක් ලැබී නොමැත.

ලංකාවේ අධ්‍යාපනයට 6%ක් මුදල් වෙන් කිරීම මූලික කරගනිමින් පැවැත්වෙන මෙම පාගමන අතරතුරේදී ගත් ජායාරූප කිහිපයක් පහතින්.











































Sourcehttp://www.gossip9.com/2012/09/6_28.html#ixzz27tLXunQ9

Share this article with your friends