Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

හම්බන්තොටට ගොඩබෑ දේශපාලඥයින්ගේ අධි සුඛෝපභෝගි වාහන නැව

පසුගියදා හම්බන්තොට වරායට ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් අධි සුඛෝපභෝගි වාහන බව වාර්තා වේ.

මේ අතර Montero Sport, KIA/Hyundai SUV, BMW X 1, X 3, 520D හා Audi A 4, A6. යන වාහන ඇතුලත් වන අතර එම වාහන ගෙන්වා ඇත්තේ දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලිනි.

මෙම වාහන බලපත්‍ර වල මිල ඩොලර් 25000 සිට 35000 දක්වා ඉහල දැමිමෙන් අනතුරුව සුඛෝපභෝගි වාහන ගෙන්වා ඇත.

දේශපාලකයන්ට ලබාදුන් බලපත්‍ර විකිණීම නිතියෙන් තහනම් වුවත් දේශපාලන බලය උපයෝගි කරමින් බිය සැක නොමැතිව ලක්ෂ ගනන්වලට විකුනා ඇත. මෙම බලපත්‍ර ලබා දිමෙන් රජයට වන පාඩුව මෙසේය.

Montero Sport නිසා පාඩුව මිලියන 8.5යි.
KIA SUV නිසා පාඩුව මිලියන 6යි.
BMW X1/X3 නිසා පාඩුව මිලියන 13යි
BMW 520D නිසා පාඩුව මිලියන 20යි

වාහන බලපත්‍ර මගින් ගෙන්වූ මෙම වාහන වල තීරුබදු ලෙස ලක්ෂ 65ත් ලක්ෂ 95 අතර මුදලක් අඩු කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ වාර්තා වලට අනුව පසුගිය වසර තුනක කාලය ඇතුලත වාහන බලපත්‍ර 10,000 ක් පමණ වෙනත් පුද්ගලයන්ට අලෙවිකොට ඇත.






Source: http://www.gossip9.com/2012/09/blog-post_8535.html#ixzz27tD4wa2t

Share this article with your friends