Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

සරසවි ඇදුරන්ට එරෙහිව නඩුවක්




විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් ලබා නොදී සිටීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙනවා වෙනුවට ඔවුන් සමග එකඟතාවක් ඇතිකරගෙන වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට හෝ වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන් නැවත සේවයට එක් කරගැනීමට හෝ ආණ්ඩුව සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ඉල්ලීමක් වන වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිත මේ අවස්ථාවේ කිසිදු ලෙසකින් ලබාදීමට නොහැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පැවසුවේය.

ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට විරුද්ධව සිසු හැරවුම් ලක්ෂ්‍ය ව්‍යාපාරය විසින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව සඳුදා දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විරුද්ධව පෙත්සමක් ගොනුකිරීමටද නියමිතය. මහජන අර්ථසාධන නඩුකරයක් ලෙස සිසු හැරවුම් ලක්ෂ්‍ය ව්‍යාපාරය විසින් මෙම නඩුව ගොනු කිරීමට නියමිතය.

සංජය නල්ලපෙරුම

Share this article with your friends