මෙරට ප්‍රසිද්ධ බහුජාතික සමාගමක් විසින් ආනයනය කරනු ලබන ඇස්ට්‍රා මාගරින් තුල වයස අවරුදු තුනට අඩු කුඩා ළමුන්ට නුසුදුසු විස රාසයනික ද්‍රව්‍යයක් ඇතුලත් වී ඇති බව සනාත වී තිබියදීත් "ළදරුවන් හා වයස අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා සුදුසු නොවේ" ලෙස සඳහන් නොකර තවමත් වෙළඳපොලේ අලෙවි කිරීම සඳහා ඇස්ට්‍රා මාගරින් තබා තිබේ.
ඇස්ට්‍රා මාගරින් තුල විස රසායනිකයක් ඇතුලත් බව අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සනාථ කර තිබියදීත් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාගරින් මාස තුනක් යන තෙක් අලෙවි කිරීමට ලබාදුන් අවසරය හේතුවෙන් මෙසේ සිදුවී ඇත.
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ අනුව E319 යන විස රසායනය ඇස්ට්‍රා මාගරින් තුල ඇති බව තහවුරු වූ බවත් ඊට විරුද්ධව කහටගස්දිගිලිය අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පසුගිය 05 වන දින කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී මේ බව අනාවරණය කර තිබුණි.
1991 අංක 20 දරන සංශෝධන ආහාර පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ නිෂ්පාදනය තහනම් කිරීමට බලය ලැබී තිබුනද හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාලවරයා විසින් සිදුකොට ඇත්තේ එම නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා තවත් මාස තුනක දිගුවක් ලබා දීමයි.
මේ පිළිබඳව සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලිපිය
Source: http://www.gossip9.com/2012/09/blog-post_6274.html#ixzz25mYa8O9K