Saturday, September 8, 2012
ජන්ද විමසීම හමාරයි. තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ
සබරගමුව , උතුරුමැද, සහ නැගෙනහිර පළාත් සභාවලට අදාළ ජන්ද විමසීම (08) පස්වරු 4.00ට අවසන් විය .මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ අනුරාධපුර සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 50 ක් වු බවත් සෙසු බොහෝ දිස්ත්‍රික්කවල සියයට 50 සීමාව ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර නොමැති බවත්ය . ඒ අනුව පස්වරු 3 .00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 40ක් පමණ වූ බවත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 30 වූ බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
සුළු සිදුවීම් හැරුනු කොට බරපතළ සිදුවීම් වාර්තා නොවු බව මැතිවරණ නිරික්ෂකයින් පවසයි . පළාත් සභා ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5.00 ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රිකයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කොට ඇති බව වාර්තාවේ.
සීසර් කුරුනේරු - අනුරාධපුර
Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=2071:2012-09-08-11-36-19&catid=64:elections-esanin&Itemid=87
ජන්ද විමසීම හමාරයි. තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ
2012-09-08T23:08:00+05:30
Admiral
දේශපාලන|