Chitika Smowtion 468x60


Saturday, September 8, 2012

බිල් ක්ලින්ටන් බරක් ඔබාමාගේ රැළිය අමතයි



ඇමෙරිකාවේ නෝර්ත් කැරොලිනා ප්‍රාන්තයේ “චාලට්” නුවර පැවැති ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී මිනිත්තු පනහක් පුරා රැස්ව සිටින්නන් අමතා කළ හිටපු ජනපති බිල් ක්ලින්ටන්, දෙවන වරටත් ජනාධිපති ධුරය හෙබවීම සඳහා වත්මන් ජනපති බරක් ඔබාමා සුදුසු බැව් ප්‍රකාශ කර ඇති බව පැවසේ. එහිදී ඔබාමාගේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දක්වමින් කරුණු ඉදිරිපත් කළ බිල් ක්ලින්ටන් රිපබ්ලිකන් පක්ෂ ආර්ථික සැලසුම් විවේචනයට ලක්කිරීමටද නොපසුබට වී තිබේ.
තම කතාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්ලින්ටන් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු ජනතාව ඡන්දය භාවිත කරන ආකාරයෙන් ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය වන්නේ කෙබඳු රටකද යන්න හෙළි වනු ඇති බවයි. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මිට් රොම්නි ඔබාමා සමග ජනාධිපතිවරණය සඳහා තරගවදිනු ඇත.



Share this article with your friends