Chitika Smowtion 468x60


Friday, October 12, 2012

ඔක්තෝබර් 17 වනදා මීන ලග්න දේශපාලඥයෙකුට හදිසි අනතුරක්.

රනිල් වික්‍රමසිංහද මීන ලග්නය හිමි දේශපාලකයෙකි.

මීන ලග්න හිමියන්ට ඔක්තෝබර් 17 වන දින සිට මාසයක කාලයක් අහිතකර ප්‍රතිඵල ලබාදේ.

ලංකා කේන්ද්‍රයේ පුණ්‍ය ස්ථානය ලෙස සලකන 9 වන භාවයේ රවී, සඳු, බුධ, ශනී යන ග්‍රහයන් සිවු දෙනාම මාරක ස්ථාන වන අටවැන්නේ ගමන් කිරීම නිසා විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන මීන ලග්න හිමියෙකුට ඉතාමත් අසුබ ප්‍රතිඵල ගෙනදෙන කාලයකි. දරුණු අනතුරකට භාජනයවී මරණයට පත්වීමට පවා ඉඩ ඇත.

ඔක්තෝබර් 17 වන දින සිත වේදනාවට පත්වන සිදුවීමක් අසන්නට ලැබේ. මෙම කාලසීමාව ඔක්තෝබර් 17 වන දින පෙරවරු 5.51 සිට රාත්‍රී 8.20 දක්වා පවතින්නකි.



8 වැන්නේ රවී ශනි සංයෝගය නිසා මීන ලග්නය හිමි දේශපාලන නායකයන්ගේ ගෞරව හා කීර්තියට හානිවේ. මෙම ග්‍රහ තත්ත්වය මින් පෙර උදාවූයේ පසුගිය ශතවර්ෂයටම අවස්ථාවන් 3කදී පමණි. 1982, 1983, 1984 යන වර්ෂයන්හි ඔක්තෝබර් මාසයේදී මෙම ග්‍රහ පිහිටීම සිදුවුණි. එම කාලය සීමාව රවී, තුලා රශියේ ගමන් ගන්නා කාලය පමණි.

එම තත්ත්වය ලංකා කේන්ද්‍රයේ 9 වැන්නට බලපාන බැවින් දේශපාලන ක්ෂේත්‍රයේ නායකත්වය දරන්නන්ට මෙන්ම ආගමික ක්ෂේත්‍රය තුල නායකත්වය උසුලන්නන් හට අහිතකර ප්‍රතිපල ලබාදේ. ඔක්තෝබර් මාසය තුල පවතින මෙම තත්වය 2012 නොවැම්බර් 16 දක්වා පලපායි.

මීට අමතරව පූජ්‍ය පක්ෂයේ යම් පිබිදීමක් ඇතිවේ, මෙතෙක් නොවූ විරූ ආකාරයේ විරෝධතා දැක්වීමක්ද මේ මාසය තුළ සිදුවේ. 2012 ඔක්තෝබර් 17 වන දින රවී, තුලා රාශිගතවීම සෑම වසරකම මෙම කාල සමය තුළ සිදුවන්නකි

මීන ලග්න හිමියන්ගේ 6, 7, 12 යන දුෂ්ට ස්ථාන වලට අයිති 6 වැන්නේ අධිපති රවී ග්‍රහයා 12 වැන්නේ අධිපති ශනී ග්‍රහයා සහ උභය රාශියක් වීම නිසා 7 වන බාධක ස්ථානය වී 7 වැන්න අධිපති බුධ ග්‍රහයාද 8 වැන්න එනම් මාරක ස්ථානයට පැමිණීම මීන ලග්නයෙන් උපන් ජන්මීන්ට ඉතා අසුභ කාලයකි.

මෙහෙයින් මෙමම් කාලසීමාව තුල ඉපදෙන්නන් සුවිශේෂී ලක්ෂණයෙන් යුතුවෙයි. එනම් මහනදම් පිරීමට සුදුසු අය වෙති. විශේෂයෙන්ම ඔක්තෝබර් 17 වන දින උපත ලබන අය විනය ගරුක, සැබැවින්ම ලෞකික ජීවිතයේ අසාර්ථක පැත්ත අවබෝධ කරගත් අය වේ.

මෙම කාලසීමාව තුල සිදුවන දේ පිළිබඳව විමර්ශනයේ යෙදෙනවිට තහවුරු වන කරුණු කිහිපයකි. එනම් ශිෂ්‍යයන් හා කම්කරුවන් අරගල සඳහා යොමුවන කාල සීමාවකි. මෙහිදී රවී ශනි සංයෝගය නීච භංග රාජ යෝගයක් බවට පත්වේ. මෙම යෝගය ලංකා කේන්ද්‍රයේ 9 වැන්නේ පිහිටි හෙයින් ගැටුම්කාරී තත්ත්වයක් පැවතුනද ශුබ දායක තත්ත්ව මතුවිය හැකිය.

ලග්න කිහිපයකට විශේෂ දියුණුවක් කීර්තිය ලැබෙනවා ඇත. වෘෂභ, කණ්යා, වෘෂ්චික, මීන ලග්න හිමියන්ට වඩාත් අපල කාලයක් පෙන්නුම් කරයි.

මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන් වන ව්‍යාපාරිකයන් හා දේශපාලාඝ්නයන් සමාජයේ ප්‍රබල තත්ත්වයකට පත්වනු ඇත.

-ජ්‍යෝතිෂවේදී දේශබන්දු සෙනනරත් ලියන ආරච්චිගේ ලිපියක් ඇසුරෙනි-







Source: http://www.gossip9.com/2012/10/17.html#ixzz2941C9uPH

Share this article with your friends