හැමෝම වීඩියෝ කර කර හිටියා උදව් කරන්න ආවේ නෑ
දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.
මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.
මෙම අනතුරින් පසුව දියණිය විසින් මවගේ හිස තුරුළු කරන් උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙන් උදව් නොකර එම සිද්ධිය වීඩියෝ කරමින් සිටි බවට ඇය පවසන්නේ හඬමින්.
එම වීඩියෝව මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සංසරණය වන අතර ඒ පිළිබඳව දියණිය පවසනේ මෙලෙසින්.
ජංගම දුරකතනයක් මගින් පටිගත කරන ලද අදාළ වීඩියෝව අප වෙබ් අඩවියෙහි පළ නොකිරීමට තීරණය කලෙමු. - සංස්කාරක.
Source: http://www.gossip9.com/2012/10/blog-post_12.html#ixzz293zFL0S8