ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද නව හැවිරිදි (9) දැරියකට ඊයේ (12) උදෑසන එන්නත් කරන ලද ප්‍රතිජීවක ඖෂධය අසාත්මික (විෂ) වීමෙන් එම දැරිය ඊයේ දහවල් මරුමුවට පත්ව තිබේ. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පළමුවන වාට්ටුවට මෙම දැරිය ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ සිට ඇතුළත් කර ඇත්තේ උණ සහ වමනයට ප්‍රතිකාර කිරීම සඳහාය. ඊයේ උදෑසන මෙම දැරියට ප්‍රතිජීවක ඖෂධය හෙදියක විසින් එන්නත් කළ අවස්ථාවේ දැරිය අසාත්මිකභාවයට පත්වූයෙන් වහාම වෛද්‍යවරු දැරිය ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට උත්සාහ ගත්තද පැය කිහිපයකින් ඊයේ දහවල් 12.40ට දැරිය මරුමුවට පත්ව තිබේ.
ගාල්ල වකුණගොඩ ප්‍රදේශයේ පදිංචි කවීෂා ජයෝදා ජයවර්ධන නව හැවිරිදි දැරිය එසේ මරුමුවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් “ලක්බිම” විමසුම් කළද ඔහු ඒ අවස්ථාවේ කොළඹ පැමිණ සිටි බැවින් රෝහල් බලධාරියෙකුගෙන් සිදුකළ විමසුමකදී ඔහු කියා සිටියේ දැරිය මෙම එන්නත විෂවීමෙන් මියයාමෙන් අනතුරුව එම ඖෂධය රෝහල තුළ භාවිතය වහාම නතර කළ බවයි. එසේම ඖෂධ සැපයුම් මධ්‍යස්ථානයට ඒ ගැන දැනුම්දුන් බවයි. එය ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් බවද රෝහල් බලධාරියා සඳහන් කළේය.
- කමල් විජේහේවා / ගිහාන් සූරියබණ්ඩාර