සෙප්රි ඇන්සෝන් ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසු අසාත්මික වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය ගාල්ල, හීන්පැන්දල, නවීෂා ජයෝදා නැමැති නව හැවිරිදි දැරියගේ හදිසි මරණය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් පාර්ශව තුනකින් සමන්විත විශේෂ පරීක්ෂක කණ්ඩායමක් හෙට ( 15) කොළඹ සිට ගාල්ල කරාපිටිය රෝහල බලා පිටත් කර හැරීමට නියමිතය. ගාල්ල ඖෂධ අධිකාරියේ රස පරික්ෂකරුන්, විශ්ව විද්‍යාලීය විශේෂඥයින් ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ එන්නත දීමෙන් අනතුරුව දැරිය මියයාම පිළිබඳව සහ ප්‍රතිජීවක ඖෂධය පිළිබඳවත් පුළුල් පරික්ෂණ සිදුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්. එම්. ඩී. වන්නිනායක මහතා සඳහන් කළේ මේ වනවිට එම ප්‍රතිජීව එන්නත ලංකාවේ සියලුම රෝහල්වලින් භාවිතයෙන් ඉවත් කර ඇති බවය.
- කමල් විජේහේවා / ගිහාන් සුරිය බණ්ඩාර
- කමල් විජේහේවා / ගිහාන් සුරිය බණ්ඩාර