Chitika Smowtion 468x60


Sunday, November 11, 2012

බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යයි


කලුවරේ වෙඩි තබාගන්නා වීඩියෝ පහතින්!

ඊයේ සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා.

එයට සිරකරුවන් විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.

කඳුළු ගෑස් ගැසීමෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් සිරකරුවන්ට වෙඩි තබා තිබෙන අතර සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

නමුත් සිරකරුවන් අතට පත්වූ ගිණි අවි අතර විශේෂ කාර්ය බලකා සෙබලුන්ට පහරදී ලබාගත් ගිණි අවි ද ඇති බව පැවසේ. රැඳවියන් විසින් ගිනි අවි 82ක් පැහැරගෙන ඇති අතර ඉන් 76ක්ම මේවන විට ගැනිමෙන් පසුව තවමත් ගිණි අවි 6ක් අතුරුදහන්ව ඇත.

එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් කොටුවී තිබෙන අතර දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬවල් මැද පුද්ගලයන් 59 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 6 දෙනෙකු තත්ත්වය බරපතල වන අතර එයින් රැඳවියන් 27 දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ 13 දෙනෙක් ද, සිරකරුවන් 13 දෙනෙක් ද, යුද හමුදා සෙබළුන් 4 දෙනකුද, මාධ්‍යවේදියෙක් ද, බන්ධනාගාර නියාමකවරු 3දෙනෙක්ද රෝහල් ගතකර තිබේ. 

ගැටුම අතරතුරදී පැනගිය රැඳවියන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 6 දෙනකු ආපසු පැමින භාරවී තිබෙනවා.

බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති හමුදා නිළධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතා ද වේ. මේ මොහොතේ ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටී.

විශේෂ කාර්ය බලකා සෙබළුන් බන්ධනාගාරය පරීක්ෂා කිරීමට පැමිනීමෙන් පසු බන්ධනාගාරයේ ඇතැම් නියාමකවරුන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක්කර තිබෙන අතර බන්ධනාගාරයට ඇතුළුවිමට පැමිණි ඔවුන් වැලැක්වීමට බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් උත්සහ ගෙන තිබෙනවා.

ගැටුමෙන් බන්ධනාගාර මුළුතැන්ගෙට දැඩි හානි නිසා අද උදේ කෑම වේල ලබා දීමට බොහෝ ප්‍රමාද වී ඇත. මුළුතැන් ගෙය යළි පිළිසකර කිරීමට අඩුම ගණනේ තව මාසයක්වත් යන බවයි පැවසෙන්නේ.

තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව වාර්තාවේ.

මල් වෙඩි මෙන් දෙපැත්තෙන් වෙඩි තබාගන්නා දර්ශන සහිත වීඩියෝව පහතින්




ගැටුම සිදුවන අවස්ථාවේ වීඩියෝ පහතින්. 







































Source: http://www.gossip9.com/2012/11/blog-post_9.html#ixzz2BqpXx1er

Share this article with your friends