Chitika Smowtion 468x60


Tuesday, January 1, 2013

2013 ඉඳන් පෝය වෙළෙඳ නිවාඩුටත් කෙලී...


හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය,වෙළෙඳ නිවාඩු...

තෛපොංගල් දිනය, නත්තල් දිනය වෙළෙඳ නිවාඩු...

මෙම වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද?

මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම බරපතළ වරදක්‌ යෑයි බොදුබල සේනා සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයේ බෞද්ධයන් විශාල ප්‍රමාණයක්‌ ජීවත් වන එකම රට ලෙස මුළු මහත් ලෝකයා විසින් පිළිගත් මතයකි. සෑම වසරකම අප රට තුළ පුර  පොහෝ දින 12 ක්‌ හෝ 13 ක්‌ යෙදෙන අතර එම සෑම පොහෝ දිනයක්‌ම රජයේ නිවාඩු, බැංකු නිවාඩු සහ වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස සැලකේ. මෙම පිළිවෙත වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර එම නිවාඩු රජය විසින් අනුමත කරන ලද නිවාඩු විය.

එහෙත් මෙවර රජය විසින් මුද්‍රණය කරනු ලබන දින දර්ශනයේ සියලු පොහෝ දිනවල පැවැති වෙළෙඳ නිවාඩු අවලංගු කොට ඇත. මෙය රජය විසින් ගත් පියවරක්‌ද? නැත්නම් මෙම දින දර්ශනය මුද්‍රණය කරනු ලබන පුද්ගලයන් විසින් ගත් පියවරක්‌ද?

මෙම දින දර්ශනයේ විශේෂත්වය වනුයේ බෞද්ධයන් සඳහා වෙන් වූ මෙම පුර පොහෝ දිනවල නොමැති වෙළෙඳ නිවාඩුව අනෙකුත් ආගම් සඳහා වෙන් වූ ආගමික දිනයන් වූ හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය, තෛපොංගල් දිනය, නත්තල් දිනය වැනි දිනවල පැවතීමයි.

අතිමහත් බහුතර බෞද්ධයන් වෙසෙන මෙම රටේ බෞද්ධයන් වෙනුවෙන් නොමැති වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද? මෙම බෞද්ධයන් සඳහා කරන්නා වූ අසාධාරණයක්‌ නොවන්නේද? මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

අපි බොදු බලසේනා සංවිධානය වශයෙන් මේ රජයෙන් ඉල්ලා සිටින්නේ වහා මෙම අකටයුත්ත සම්බන්ධයෙන් සොයා බලා මෙම වරද නිවැරැදි කරනා ලෙසයි.




Source - http://www.hotandfastnews.com/2012/12/2013_31.html

Share this article with your friends