අන්තර්ජාල සේවා (බ්‍රෝඩ්බෑන්ඩ්) සඳහා මේ දක්වා අයකළ බද්ද අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 50%කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා අයකළ 20% ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කරයි.