Chitika Smowtion 468x60


Tuesday, January 1, 2013

හිරු TV නැවතත් ඇන ගනී - ටවුන් එකක් දිස්ත්‍රික්කයක් කරයි...


හිරු TV නාලිකාව ආරම්භ කරබොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.

පෙරේදා (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.

ස්වර්ණවාහිනී නාලිකාව විසින් කතන්දර කියනා ආකාරට මෙන් නොව ප්‍රවෘත්තියක් ප්‍රවෘත්තියක් ආකාරයෙන්ම ගෙන ඒමට ඔවුන් කටයුතු යොදන බවයි එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා පසුගියදා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ. ඔවුන්ගේ පාඨය වන්නේද "කතන්දර නැති හත" යන්නයි.

2007 වසරේ තම්මැන්නාව ප්‍රදේශයට ත්‍රස්තවාදීන් පැමිණි බවට බ්‍රේකින් නිවුස් විකාශය කර ජනතාව කළඹවන ලදැයි පවසමින් හිරු එෆ්.එම් නාලිකාව රජය මඟින් තහනම් කළ අතර පසුව දුමින්ද සිල්වා මංත්‍රීවරයා විසින් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සහභාගීවූ නිසා අවලංගු කළ බලපත්‍රය නැවත ලැබුණා.

හිරු TV නාලිකාවේ සභාපති වරයා වන්නේ දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාය. සමබර යැයි කියාගන්නා බොහෝ විද්‍යුත් මාධ්‍යයන් රජයට කඩේ යන යුගයක, මැතිවරණ කාලයේදී තොර තෝංචියක් නැතිව දුමින්ද සිල්වාගේ ගුණ ගායනා ඇසෙන හිරු එෆ් එම් නාලිකාව මෙන් දුමින්දාගමනයෙන් පසුව ඒ ආකාරයේම ප්‍රවෘත්ති විකාශයන් මේ හරහා ගෙනේදෝයි බොහෝ දෙනා සැක පළ කරනවා.

"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න ඔවුන්ගේ පාඨය වුවද එම වැරදි පුවත ප්‍රදර්ශනය කලේ පහත පරිදිය.




Share this article with your friends