හුදෙකලාව පිහිටි නිවෙස්වල තනිව ජීවත් වන වයෝවෘද්ධකාන්තාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා පියවර ගන්නැයි පොලිස්මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාජනතාවගෙන් ඉල්ලීමක් කරයි.හුදකලාව පිහිටි නිවෙස්වල තනිවජීවත් වන වයෝවෘධ කාන්තාවන් අපරාධකරුවන් විසින් ඝාතනයකල සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ අතර එවැනිකාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ මුදල් සහ දේපළකොල්ලකා ඔවුන්ද ඝාතනය කල සිදුවීම් ද වාර්තා වූ බව පොලිස්මූලස්ථානය පවසයි.
Sunday, December 11, 2011
උදයන්ති - ධනංජය අනග රැගුම් හසුවී රූගත කිරීම් ඇන හිටලා
මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.
170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව ඇති ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව
ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.
මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.
සෝම හිමිට හා හිටපු පොලිස්පතිට දුන් උපාධි වලංගු නැහැ
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි "මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට" උපාධියක් හෝ අධ්‍යන තානාන්තරයක් පිරිනැමීමට බලයක් නැති බව රජය විසින් අවධාරණය කොටසිටිනවා.
ලෝකෙට පරකාසය පෙන්වා ගෙදරට මරගාතයක් වූ හඩ්සන්
වර්තමාන ගුවන්විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙන් සාරධර්ම හා සමාජ ආචාරධර්ම ගැන දේශනා කලත් ඔහුගේ සැබෑ චරිතය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.
Saturday, December 10, 2011
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා
පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය හවස 6.16 සිට රාත්‍රී 9.48 දක්වා කාලය තුළ සිදුවෙන අතර, පූර්ණ ග්‍රහණය රාත්‍රී 7.36 සිට 8.27 අතර දක්වා විනාඩි 51ක් පවතියි. එහි උච්ජතම අවස්ථාව ඇතිවන්නේ රාත්‍රී 8.01ට පමණය.
විවාහ වුණහම රංගනයෙන් ඈත් වෙනවා - පියුමි
තමා විවාහ වූ පසුව රංගනයෙන් සමුගන්නා බව නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ පවසයි. මීදුම අතිරේකය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පවසා ඇත. මම හිතන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවකට රංගනය සුදුසු නැහැ කියලයි. ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. ගෙදරදොර වැඩවලට මුල් තැන දිය යුතුයි. අනික මං කැමති නෑ විවාහයෙන් පස්සේ කාර්යබහුල වෙන්න, යැයි ඇය පවසා ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.
දරුවකු රැගෙන හදාගැනීම තම සිහිනයක් - ජැකලින් කියයි
බොලිවුඞ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මෙන් තමාද අවිවාහක මවක් ලෙස දරුවකු අරන් හදා ගැනීමට කැමති බව සිනමා නිළි හා ශ‍්‍රී ලංකා රූ රැුජින ජැකලින් ෆර්නැන්ඩස් පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දරුවකු රැගෙන හදාගැනීම මගින් ඔවුන්ට ජීවිතයේ නොලද පවුලක් හා අවස්ථා ලබාදීම ඉතා සුන්දර දෙයක් බවත්, එය තමාගේ සිහිනයක් බවත්, සුදුසු කලකදී එම සිහිනය සැබෑ කරගැනීමට තමාට හැකි වේ යැයි පතන බවත් ඇය පවසා ඇත.
Subscribe to:
Posts (Atom)






